
(අමදෝරු අමරජීව)
ත්‍රීකුණාමලය සර්ධාපුර දී මෝටර් රථයක ගැටී මියගිය තිදරු පියාගේ මරණය ගැන සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා ඔහුගේ ඥාතීහු සහ ප්‍රදේශවාසීහු විශාල පිිරිසක් ත්‍රීකුණාමලය - මහනුවර ප්‍රධාන මාර්ගය සර්ධාපුර ප්‍රදේශයෙන් මාර්ගය මැද මළ සිරුර තබා උද්ඝෝෂණයක නිරත වෙමින් සිටිති.
මේ හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනා ගමනය සම්පූර්ණයෙන්ම නතර වූ අතර දිගු වාහන පොලිම් දක්නට ලැබිණි. පෙරවරු 10ට පමණ ආරම්භ වූ මෙම උද්ඝෝෂණය දහවල් 1.00 තෙක් පැවැතිණි.
මාර්තු 30 වැනි දා සිදු මෙම අනතුරින් මියගොස් ඇත්තේ ඒ.එම්.අන්තෝනි සාමි (49) නමැති තිදරු පියෙකි. යතුරු පැදියෙන් ගමන් ගත් මරණ කරු දුරතකන ඇමැතුවක් හේතුවෙන් යතුරු පැදිය මාර්ගය අයිනේ නතරකර කතාකරමින් සිටියදි මෙම අනතුර සිදු ඇත.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනපතා සිදුවෙන රිය අනතුරුවලට, මරණ වලට හේතුව නීතියේ තිබෙන අඩුපාඩු වගේම පගාවට යටවෙන සහ බල පුළුවන්කාරකම් වලට නැමෙන නීතිය ලෝකයේ රටවල් අතරින් වැඩිම රිය අනතුරු සහ ඒ මගින් සිදුවෙන මරණ වගේම අනතුරට පත්වෙන පිරිස දිනපතාම වැඩි වෙනවා මිසක් අඩුවක් නැහැ.. ශ්‍රී ලංකාවේ ජීවිතවල වටිනාකමක් නැති රටක නීති රීති, රාත්‍රී රූපවාහිනී පුවත් වලට පමණක් සීමාවීම එයට හේතුව වේ..