(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මහනුවර සිට දඹුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් තුළදී තුර්කි ජාතික සංචාරක කාන්තාවකට ලිංගික අතවරයක් කළ යැයි කියන යුද හමුදා කෝප්‍රල්වරයෙක් දඹුල්ල මුලස්ථාන පොලිසිය විසින් පෙරේදා11 සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ වවුනියාව ප්‍රදේශයේ පිහිටි යුද හමුදා කඳවුරක රාජකාරි කරන මාතලේ ප්‍රදේශයේ පදිංචි කෝප්‍රල් වරයෙකි.
තුර්කි කාන්තාව ඇයට සිදු වූ බව කියන ක්‍රියාව ගැන මගීන්ට දැනුම් දීමෙන් පසු මගින් විසින් සැකකරු අල්ලා දඹුල්ල මූලස්ථාන පොලිසියට බාර දී ඇත. පසුව සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු යුද හමුදා කෝප්‍රල්වරයකු බවට හෙලි වී ඇත.
දඹුල්ල මූලස්ථාන පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ...!!!
ලංකාවේ විතරක් නොවෙයි හමුදාවෙත් ප්‍රතිරූපයට හානි වෙනවා මෙවැනි ක්‍රියාවන් නිසා .රටට වින කරන්න බලාගෙන ඉන්න උන්ට මේක ලොකු කටගැස්මක් වෙයි තලු මර මර කියන්න