
( රොමේෂ් මධුෂංක)
යාපනය මාණිප්පායි පොලිස් වසමේදී දකුණු ප්‍රදේශයට නීතිවිරෝධී අයුරින් කැස්බෑවුන් සිව් දෙනෙකු ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙකු අද (31) අත්අඩංගුවට ගත් බවට පොලීසිය පවසයි.
මාණිප්පායි පොලීසියට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් මාණිප්පායි ප්‍රධාන මාර්ගයේ පිහිටි පොලිස් මාර්ග බාධකයකදී සිදුකරන ලද සෝදිසි වැටලීමකදී සැකසහිත කුඩා ලොරි රථයක් නවතා සිදුකරන ලද පරික්ෂා කිරීමකදී මෙම කැස්බෑවුන් සිව්දෙනා හමු වී ඇත.
එහිදී කුඩා ලොරි රථය සමගින් එහි සිටි රියදුරු සමග තවත් අයෙකු අත්අඩංගුවට ගත්බව පොලීසිය කියයි.
කැස්බෑවුන් ගෝනියකට දමා ගැටගසා තිබූ අතරම මෙම කැස්බෑවුන් කොළඹ ප්‍රදේශයේ තරු පන්තියේ හෝටල් සඳහා මස් පිණිස අධික මිලකට විකිණීමට රැගෙන යමින් තිබූ බවට තොරතුරු අනාවරනය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි අයෙකු සහ යාපනය ඉලවාලෙයි ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙකු වන අතර ඔවුන් යාපනය මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද මාණිප්පායි පොලීසිය වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
242
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තරු හෝටල්වලට කෑස්බෑවන් මස් කළ 2ක් අල්ලයි