
(සුජිත් හේවාජුලිගේ )
තීරු බදු තවත් අඩු කර ගැනීම සම්බන්ධයෙන් ඇමරිකානු බලධාරීන් සමග සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිසක් ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යෑමට නියමිතය.
මෙම කණ්ඩායම ලබන මස 1 වැනිදාට පෙර දිවයිනයෙන් පිටත්ව යන බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පැවසීය.
ඇමරිකානු තීරු බදු සහන සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කෙරුණු විශේෂඥ කමිටුවේ සාමාජිකයෝ පිරිසක්ද එසේ පිටව යන කණ්ඩායමට ඇතුළත් වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුක් ගැනවිලි අහන්න ට්‍රම්ප් ආණ්ඩුව සූදානම් නැහැ. හොඳ ඩීල් එකක් අරන් ගියොත් අපිට මේ අවස්ථාව අපේ වාසියට හරවාගන්න පවා පුළුවන්... අපේ අපනයන 60% කට වැඩියෙන් යවන්නේ ඇමරිකාවට... අපි කාර්මික උපකරණ වැනි බොහෝ දේවල් මිලදී ගන්නේ චීනයේ, ඉන්දියාව වැනි රටවල් වලින්, ඇමරිකාවට කරන අපනයන නැවැතිලා අපිට මුදල් නැති වුණොත් චීනෙන්, ඉන්දියාවෙන් භාණ්ඩ මිලදී ගන්න අපට කොහොමටත් බැරි වෙනවා. අපි නිෂ්පාදනය කරන නිමි ඇඳුම් වැනි දේවල් මිලදී ගන්න චීනය හෝ ඉන්දියාවට අවශ්‍යත්වයක් නැහැ. මේ අවස්ථාවේ අපි ඇමරිකාවේ නිෂ්පාදනය කරන බෙහෙත් සහ C.T. ස්කෑන් වැනි වෛද්‍ය උපකරණ, කෘෂිකාර්මික උපකරණ වැනි දේවල් තීරු බදු වලින් නිදහස් කරන්න යෝජනා කරන්න පුළුවන් එහෙම කරලා අපේ භාණ්ඩ වලට ගහන බද්ද 15% පහළ අගයකට දමන්න යෝජනා කළොත් මේක ජයග්‍රහණයකට හරවාගෙන වියට්නාමෙට, ඉන්දියාවට බංග්ලාදේශයට වැඩිය තරඟකාරී මිලකට භාණ්ඩ විකුණන්න අපට පුළුවන්...