(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දෙමටගොඩ ලක්හිරු සෙවන මහල් නිවාස සංකීර්ණයේ මෛත්‍රී විහාර පාරේ දී දෙනෝ දහසක් දෙනා බලා සිටියදී කඩු පොලු අතැතිව ත්‍රීරෝද රථ දෙකකින් කඩා වැදුණු 6 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් පුද්ගලයකුට සහ ඔහුගේ නැගණියට තියුණු ආයුධවලින් හා පොලුවලින් පහරදී බරපතළ තුවාල සිදුකර පලායමින් සිටි කණ්ඩායමක් ඒ මොහොතේම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි
එම සැකකරුවන් සමග ඔවුන් පැමිණි තීරෝද රථ දෙක, කඩු හතරක්, මන්නා තුනක් හා පොලු මුගුරු දෙකක් පොලිසියේ භාරයට ගෙන ඇත
සිද්ධියෙන් බරපතළ තුවාල ලද 52 පුද්ගලයා සහ ඔහුගේ නැගණිය වන 47 හැවිරිදි කාන්තාවක් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ නීති පද්ධතිය යාවත්කාලීන විය යුතුයි . හරි හමං දඬුවමක් නැති නිසාත් මුදල් නිසා ඔිනම කූණු ගොඩක් වෙනුවෙන් පෙනී සිටින නීති දන්න කොටසක් ඉන්න නිසාත් නරක මිනිසුන් වැරැද්ද ට බය නෑ
මෙහෙම ගියොත් මේ රටට මොකද වෙන්නේ...? නීතියේ තියෙන දුර්වලකම නිසා මැරයින්ට රට බාරදෙමුද? පොලීසිය හරියට කටයුතු කරනවා නම් අපරාධ අඩු කරන්නට පුළුවන්...!
අද පොලිසියක් තිබුණාට, පොලිසිය පැමිණෙන විට බොහෝ අපරාධ සිදුවී හමාරයි. එබැවින්, කෙනෙකුගේ ආත්ම ආරක්ෂාව සඳහා ගිනි අවි ළඟ තබා ගැනීමට ඉඩදිය යුතුයි...
කුමන හෝ ක්‍රමවේද අනුගමනය කරමින් මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න...
හොඳට තියෙයි, සුගත් කියන විදියට, මේ කපන කොටන විදියට ගිනිඅවි දුන්නොත් හිතුමතේට වෙඩි තියන්නත් පටන් ගනීවි. තම ආත්ම ආරක්ෂාව කියලා. (ඒකත් කිරි පුතා කිවූ ලෙසට හරි හමං දඬුවමක් නැති නිසාත්, මුදල් නිසා ඕනෑම කූණු ගොඩක් වෙනුවෙන් පෙනී සිටින නීති දන්න කොටස් වලට තව වාසියි...)