(ගයාන් සූරියආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
රත්තොට පුස්සැල්ල මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවකු පාසලේ ගසකින් තැඹිලි කැඩීමට ගිය අවස්ථාවේ අසල ඇද තිබූ අධිබලැති විදුලි රැහැනක පැටලී විදුලි සැර වැදි මියගොස් ඇතැයි රත්තොට පොලිසිය පවසයි.
තැඹිලි බෑමට යොදාගත් ලණුව අසල වහලයට විසිවීම නිසා කෙක්කකින් එය ගැනීමට ගිය අවස්ථාවේ සිසුවාට මෙලෙස විදුලිසර වැදී තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ එම විදුහලේම 11 වැනි වසරේ අකලංක ඉඳුවර නමැති සිසුවකු බව පොලිසිය පවසයි.
සිසුවා රත්තොට, කළුගල් තැන්න ගම්මඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් දකින තුරු ..පුතේ මෙවන් අකල් මර්නා කවදාවත්ම නොවේවා
තැඹිලි කැඩුවේ කාගේ වුවමනාවටද යන්න පැහැදිලි නැත...
විදුහල්පති අත්අඩංගුවට ගත යුතුය
බොහොම කනගාටුදායක මරනයක්. ඒවගෙම බොහොම දුර් වල වාර්ථාකරණයක්.