
(අංජුල මහික වීරරත්න)
පොල්වගාව ආශ්‍රිතව පැතිරි ගිය සුදුමැස්සාගේ (White Flies) හානිය තැඹිලි වගාවට ද දැඩි බලපෑමක් එල්ල කර ඇති බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
සුදු මැස්සා කහ වර්ණයට දැඩි ආකර්ශනයක් දක්වන හෙයින් සුදු මැස්සාගේ හානිය පොල් වගාවට වඩා තැඹිලි වගාවට වැඩි බලපෑමක් එල්ල කර තිබේ.
මෙම හානිය හේතුවෙන් තැඹිලි අපනයනයෙහි සියයට 36ක අඩු වීමක් සිදු වී ඇති බව පොල් සංවර්ධන අධිකාරියේ නිලධාරීහු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්හ.
පසුගිය වර්ෂවල පැවැති දීර්ඝ නියඟය සහිත කාලගුණික තත්ත්වය සුදූමැස්සාගේ ව්‍යාප්තිය උග්‍ර කිරීමට හේතුවිය.
2023 වර්ෂයේ දී රුපියල් මිලියන 80ක වියදමින් සුදු මැස්සා මර්දනය සදහා කොහොඹ තෙල් නිස්සාරණය පොල් හා තැඹිලි වගාවට යෙදීමට පියවර ගැනීම නිසා සිදුවීමට ගිය විශාල වගා හානියක් වලක්වා ගැනීමට හැකි වූ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.
දැනට වසරකට තැඹිලි කන්ටේනර් 200ක් එනම් තැඹිලි ගෙඩි මිලියන 15ක් පමණ අපනයනය කරන අතර එක් ගෙඩියක් ඩොලර් ශත 80ක් එනම් රුපියල් 250ක ආදායමක් ලැබෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොල් පර්යේෂණ ආයතනය, වගාකිරීමේ මණ්ඩලය, සංවර්ධන මණ්ඩලය කියල පොල් කාලේ ජීවත්වෙන ආයතන තුනක ආචාර්ය මහාචාර්ය රොත්තක් කෝටි ගණන් වැටුප් දීමනා පර්යේෂණ අරමුදල් කමින් බොමින් මොනවද කරන්නේ. රෝග පලිබෝධ වලට ඔය අයට උත්තර හොයන්න බැරිනම් අර ඉස්සර අල මහත්තය කියන බොහොම සාමාන්‍ය පුද්ගලය අර්තාපල් වගාව ලංකාවේ ව්‍යාප්ත කලා වගේ පොල් වල ප්‍රශ්න සාමාන්‍ය ජනතාවට විසඳගන්න කියමුද? ඒ අතර අර සුදු අලි පිරුණ පොල් සම්බන්ධ ආයතන තුන එකක් කරල හොරු ගෙදර යවන්න.
ගොඩක් අය ආස රන් තැඹිලි වලට. මම නම් ආස ලොකුම ලොකු රසම රස ගොන් තැඹිලි වලට.
ඔය පොල් සංවර්දන මණ්ඩලයේ දුරකථන ක්රියාකරුගෙන් එහාට යන්න මට දවස් තුනක් ගියා. අද මිස් නැහැ, මිස් පොඩ්ඩක් එලියට ගිහින්, පස්සේ කතා කරන්න. කිසිම දෙයක් නොකර බොලේ එහාට මෙහාට පාස් කරනවා. පස්සේ මම ඩිරෙක්ටර් ට කතා කරලා ඇහුව තමුන්ගේ යටතේ ඉන්නේ මිනිස්සු කිසිම වැඩක් නොකරන කාලකන්නි කියල දන්නවද කියල. මනුස්සය මට කියනවා මේක ලංකාවනේ ඉතින් මොනවා කරන්නද කියල. හැමදේටම දේශපාලකයන්ට බනින මිනිස්සු, තමන්ගේ රස්සාව මුලින් හරියට කරලා ඉන්න ඕනේ. නැත්නම් රජයේ සේවයට ගිහින් පින් පඩි අරන් එන ආත්මේ බල්ලෝ, පෙරේතයෝ වෙලා තමයි ණය ගෙවන්න වෙන්නේ.