IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


තාබුගලට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

(රෝෂන් තුෂාර)

රුපියල් මිලියන 194ක බදු මුදලක්  නොගෙවා පැහැර හැරියේ යැයි කියන  අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාබුගල  විත්තිකරුට වැට් බදු වාර්තා ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන්  නොවැම්බර් 25 දින අධිකරණයේ  පෙනී සිට කරුණු දක්වන  ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්  සජිවිකා ඉයන්දල මහත්මිය සිතාසී නිකුත් කරමින් නියෝග කළාය.

අවුරා ලංකා සමාගම වෙනුවෙන් 2019 තුන්වෙනි කාර්තුව සඳහා ලබා දිය යුතු වැට්  බදු වාර්තා ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස්වරයා පැවරූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙම සිතාසිය නිකුත් කළාය.

දෙශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා කරුණු දක්වමින් කියා සිටියේ විත්තිකරුට අධිකරණයේ පෙනී සිටීමට සිතාසි නිකුත් කර තිබුණද ඔහු  පෙනී සිට නොමැති බවය.

පැමිණිල්ලේ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය තලංගම පොලිසිය ස්ථානාධිපතිවරයා හරහා නැවත සිතාසි නිකුත් කරන ලෙසට නියෝග කළාය.

තාබුගල මහතා විසින් 2022 /2023 වර්ෂ වලට අදාළව  රුපියල් මිලියන 194ක බදු මුදලක්  නොගෙවා පැහැර හැරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් තවත් නඩුවක් පවරා ඇති අතර එම පැමිණිල්ල  දෙසැම්බර් මස 15 කැඳවීමට මහේස්ත්‍රාත්  අධිකරණය දින නියම කර ඇත.



අදහස් (0)

තාබුගලට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1709 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site