(අංජුල මහික වීරරත්න)
තැපැල් දෙපාර්තමේන්තුව නව්‍යකරණය සඳහා නව පනත මේ වසර අවසානයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
පෞද්ගලික හා රාජ්‍ය අංශයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස රුපියල් බිලියන 10ක වියදමින් මෙම නව්‍යකරණ කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇති බවත් කිසිවිටක තැපෑල ඈවර කිරීමට ඉඩ නොතබන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා මෙම අදහස් පළ කළේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (16) පැවැති “ස්ථාවර රටකට සැවොම එක මඟකට” ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
ඉදිරි වසර දෙක ඇතුලත තැපෑල ඩිජිටල් කර ලාභ ලබන තත්ත්වයක් නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති බව කී අමාත්‍යවරයා මේ වසර අවසන් වන විට අලාභය රුපියල් මිලියන 3000කින් අඩු කර ගැනීමටත් 2025 වන විට ලාභ ලබන තැපෑලක් ඇති කිරීමට ද සැලසුම් කර ඇති බව පැවසීය.
දැනට පවතින තැපැල් ආඥා පනත මඟින් තැපෑල නව්‍යකරණයට බාධා පවතින බැවින් කඩිනමින් එය සංශෝධනය කිරීමට පියවර ගනිමින් සිටින බවත් එහි කටයුතු මේ වන විටත් සියයට 80කින් අවසන් කර ඇති බව ශාන්ත බණ්ඩාර මහතා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ඈවර වෙනවානම් ඈවර වෙන්න දියන් . ලෝකේ වෙනස් විය යුතුයි . එහෙම නොවුනාම පාඩුව ගෙවන්න වෙන්නේ අපිට . බලෙන් තියා ගත්තාට වැඩක් නෑ . උබට මේක තේරුම් ගන්න අමාරු නම් ඔය තනතුර ළමයෙක්ට දියන් ශාන්ත .
ඕක ඩිජිටල් කරා කියලා පාඩුලබන එක නතර කරන්න බැහැ. පුද්ගලික අංශය තැපෑලට සම්බන්ධ කරගන්න. ජර්මනිය ඇතුළු යුරෝපයේ රටවල් කිහිපයක තැපෑල මෙහෙයවන්නේ පුද්ගලික අංශය විසින්, හොඳ සේවාවක් සපයනවා. ලාභ ලබනවා. මිලත් සාධාරණයි.
පෞද්ගලික හා රාජ්‍ය අංශයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස රුපියල් බිලියන 10 ක වියදමින් මෙම නව්‍යකරණ කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇති බවත් කිසිවිටක තැපෑල ඈවර කිරීමට ඉඩ නොතබන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.