(ක.ග.කරුණාරත්න)
තුන්වන රැල්ලේ කොරෝනා ආසාදිතයන් 3.205 දෙනකු මේ වනවිට හමුවී ඇතැයි පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ,විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්.කුමාරවංශ මහතා ප්‍රකාශ කරයි.ඒ අතුරින් පාසල් ළමුන් 128 දෙනකු සිටින බවද ඒ මහතා කීය.
වැඩිම පාසල් ළමුන් පිරිසක් කොරෝනා ආසාදිතවී ඇත්තේ තමන්කඩුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේයි.ඒ සංඛ්‍යාව 40කි.හිඟුරක්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුවී ඇති කොරෝනා ආසාදිත පාසැල් ළමන් ගණන 26කි.ඇලැහැර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පාසැල් ළමුන් 23 දෙනෙකුද ලංකාපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් පාසැල් ළමුන් 12 දෙනකුද වාර්තාවේ.
මැදිරිගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් පාසැල් ළමුන් 11 දෙනෙකු සහ වැලිකන්ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ළමන් 10 දෙනකුටද කොරෝනා වයිරසය ආසාදනයවී ඇති බව අනාවරණය වෙයි.
සිරිපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ආසාදිත පාසල් ළමුන් ගණන 06කි.
දිස්ත්‍රික්කයේ මෙතෙක් සිදුවි ඇති කොරෝනා මරණ ගණන 52ක් බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්‍ෂ කාර්යාලයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ නවතම සංඛ්‍යාලේඛන වලින් හෙළිවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd