(සුරංග රාජනායක)
පාවාදීමේ පලියක් ගන්නා බව පවසා පාසල තුළ පන්ති කාමරයේදී තිනර් වලට ගිනි අවුළුවා සිසුවකුට ගිනි තැබූ පහ වසර සිසුන් තිදෙනකු ගම්පොළ කුරුඳුවත්ත පොලිස් භාරයට ගෙන පරීක්ෂණ අරඹා තිබේ.
පන්ති කාමරයේ තිබූ තිනර් බෝතලයක් සොරා ගැනීම මෙසේ පාවා දුන්නයි කෝප වූ ගම්පොළ අධ්‍යාපන කලාපයට අයත් ප්‍රාථමික විදුහලක පහ ශ්‍රේණියේ සිසුන් තිදෙනෙකු පන්ති කාමරයේදී තීන්ත භාජනයකට තිනර් දමා එයට ගිනි තබා තවත් සිසුවෙකුගේ ඇඟට විසි කිරීමෙන් එම සිසුවාගේ දෙපා ගිනිගෙන තුවාල වී රෝහල්ගත කර ඇතැයි පොලීසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් සිද්දියට මුල් වූ බව පවසන සිසුන් තිදෙනා ඊයේ (15) කුරුඳුවත්ත පොලිස් භාරයට ගෙන තිබුණි.
විදුහලේ තිබූ තිනර් කෑන් එකක් පහ ශ්‍රේණියේ සිසුන් විසින් එහි වැසිකිළි ප්‍රදේශයට රැගෙන ගොස් ඒවා හලමින් ගිනි තබමින් සිට ඇති අතර,එක් සිසුවෙක් බෝතලයකට එම තිනර් පුරවාගෙන පාසල් පොත් බෑගයේ සඟවා ගැනීම පාසල් බලධාරීන්ට පැවසීම නිසා මෙම ආරවුල ඇතිව ඇති බව සිද්ධියට මුහුණ දුන් සිසුවා පැවසූ බව පොලීසිය කියයි.
මෙම සිද්ධිය පිළිබඳව කෝප වූ එම සිසුවා ඇතුළු තවත් සිසුන් දෙදෙනකු පන්තිභාර ගුරුවරියද නොමැති අවස්ථාවක තීන්ත භාජනයකට තිනර් පුරවා එයට ගිනි තබා පන්තියේ සිටි මෙම සිසුවා දෙසට විසි කර ඇත.
එම සිසුවා ඉන් බේරීමට උත්සාහ කළත් ඔහුගේ දෙපා මතට ගිනි ගන්නා තිනර් හැලීම නිසා ඔහුගේ සිරුරට ගිනි ඇවිලී ඇති අතර ඔහු කෑ ගසමින් පහ පන්තියේ සිට හතර පන්තිය දෙසට දිව යන අයුරු හතර ශ්‍රේණියේ සිටි ගුරුවරියක ගිනිගෙන දුවන මෙම සිසුවා අල්ලාගෙන ඔහු ගේ දෙපාවලට පොත් බෑග් වලින් ගසමින් හා ජලය හලමෙන් එම ගින්න නිවා දමා තිබේ. පසුව සිසුවා කුරදුවත්ත රෝහලට රැගෙන ගිය අවස්ථාවේ ඔහු ගම්පොළ ශික්‍ෂණ රෝහලට මාරුකර යවා ඇතැයි කියයි.
පාසලනේ මෙම සැබෑ සිදුවීම වසන් කර ඇතැයිද පවසන පොලීසිය මේ සම්බන්ධව පරීක්ෂණ පැවැත්වෙන බවද පොලීසිය සඳහන් කළේය. සිසුවාගේ මව මේ පිළිබඳව පොලීසියට පැමිණිලි කර තිබේ.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
තිනර් භාජනයට ගිනි අවුළුවා සිසුවාගේ ඇඟට විසි කරලා: තවත් සිසුන් 3ක් පොලිස් බාරයට