
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ නගරයේ ස්ථාන තුනකදී නවත්වන ලෙස පොලිසිය කළ අණට අකීකරුව ඩිපෙන්ඩර් රථයක් පැදවූ තරුණියක සහ එහි ගමන් කළ තවත් තරුණියන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය කියයි.
මරදාන ඩීන්ස් පාරේ දී අපරික්ෂාකාරීව ධාවනය කළ ඩිපෙන්ඩර් රථය නැවතීමට මරදාන පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් සංඥා කර තිබූ අතර ඊට අවනත නොවී මග හැර යාමට එය පැද වූ තරුණිය කටයුතු කර තිබූ බව පොලිසිය කියයි.
වහා ක්‍රියාත්මක වූ රථවාහන අංශයේ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් රථයේ ලියාපදිංචි අංකය සමග මෙහෙයුම් මැදිරිය දැනුම්වත් කිරීමට පියවර ගත් අතර මරදාන ටෙක්නිකල් හන්දියේ දී තවත් පොලිස් නිලධාරීන් පිරිසක් ඩිපෙන්ඩර් රථය රථය නැවතීමට සංඥා කර තිබූ බව එම නිලධාරියා කීය.
ඊට ද අවනත නොවී ඉදිරියට ධාවනය වූ ඩිපෙන්ඩර් රථය කැලෑ පොළ හන්දිය ආසන්නයේ සිටි රථවාහන අංශයේ නිලධාරීන් එය ද නැවතීමට සංඥා කිරීමෙහිදී ඊට අවනත නොවී එහි රියැදුරු ලෙස කටයුතු කළ තරුණිය රථය ඉදිරියට ධාවනය කිරීමේදී ඒ පසුපස හඹා ගිය පොලිස් නිලධාරීන් ට්‍රිපොලි ක්‍රීඩාංගණය අසලදී ඩිපෙන්ඩර් රථය නවතා ගැනීමට සමත් වී තිබූ බව උසස් පොලිස් නිලධාරියා කීය.
එහිදී රියදුරු ලෙස කටයුතු කළ තරුණිය සහ අනිත් තරුණියන් එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් සමඟ බහින් බස් වීමක් සිදුවී තිබිණි.
ඩිපෙන්ඩර් රථය නවතා එහි රියදුරු ලෙස කටයුතු කළ තරුණිය ඇතුළු තරුණියන් තිදෙනා අත්අඩංගුවට ගත් පොලිසිය රියදුරු ලෙස කටයුතු කළ තරුණිය මත් පැන් පානය කර සිටී දැයි පරික්ෂා කිරීමටද කටයුතු කෙරිණි .
අත්අඩංගුවට ගත් තරුණියන් කොළඹ ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක අධ්‍යාපනය ලැබූවන් බවත් නාවල සහ කොළඹ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 වයස් සීමාවල තැනැත්තියන් ය.
සැකකාර තරුණියන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහේහරි ඉන්න අපතයින්ට ජාතක වෙච්චි අය වගේ...
හරියටම නඩුව බලවයි වගේ..
තවම කෝල් එකක් ආවේ නැතෙයි, ඔය මගේ දෝණි වහාම සමාව අරන් නිදහස් කරන්න කියලා...
වහාම, තොරතුරු අපැහැදිලියි කියලා නඩුව ඉල්ලා අස්කර ගන්න.. ප්‍රභූ පැටව් ටික පව් අනේ...!
ඇයි වෙඩි තිබ්බේ නැත්තේ ?ඩිෆෙන්ඩර් එකක් හින්දා නේද ලොල්
ඩිමෝ බට්ටෙක් ඔයවග් ගියානම් ක්ෂණිකව පොලොස් රාළහාමිලා වෙඩි තියලා
අපේ පොලීසියේ වැඩ බලාගන්න නියම අවස්ථාවක්…!
දූශිත දේසපාලුවන් එක්ක සම්බන්ධ පවුල් වල උන්ට නම් ප්‍රශ්නයක් නැහැ.තැන් තුනකදී වෙට්ටු දැම්මේ නිකම් වෙන්ඩ බැහැ .
පැයෙන් එළියේ..
ඒ ගැටිස්සියන්ට තරයේ අවවාද කර නිදහස් කලා කියලා හෙට පත්තරේ තියෙයි.
ගොන් බඩු 3ක්
පොඩි වහනයක් ගියානම් වෙඩිත් තියලා ....
පොලිසියට දුරකතන ඇමතුමක් ආපු ගමන් ඔවුන් තිදෙනාම නිදොස් කොට නිදහස් කරන්ට සිදු වෙයි.
කනගාටුවට කරුණ නම් ලංකාවේ ප්රභූවරු ලෙස හඳුන්වන පුද්ගලයන්ගෙන් 90% හොරු .මිනීමරුවෝ සහ මත්ද්‍රව්‍ය සහ වෙනත් ජාවාරම් කාරයෝ
21 වැනි ශත වර්ෂයට ගැළපෙන දරුවකු බිහිකරපු අපේ අධ්‍යාපනයේ ප්‍රතිඵලයක්...
ත්‍රී වීල් මල්ලි කෙනෙක් මෙහෙම වෙට්ටු දැම්මා නම් උගේ ඇට තලලා දනියෙන් උඩ වෙඩි තියනවා