
(සුජිත් හේවාජුලිගේ)
බන්ධනාගාර ගත කෙරුණු දරුණු ගණයේ පාතාලකරුවන්ට ජංගම දුරකථන සහ ඒ ආශ්‍රිත උපාංග ලැබෙන තාක් සංවිධානාත්මක අපරාධ මැඩලීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පැවසීය.
මෙම හිරකරුවන්ට ජංගම දුරකථන ලැබීම නතර කිරීමට මීට වඩා ශක්තිමත් වැඩ පිළිවෙළක් නොපමාව ක්‍රියාත්මක කළ යුතු බව පැවසූ මහාචාර්යවරයා එසේ නොවන තාක් සිර මැදිරිවල සිට ජංගම දුරකතන යොදාගෙන වෙඩි තැබීම් ඇතුළු විවිධ අපරාධ සංවිධාන කිරීම දිගටම සිදුවිය හැකි බවද සඳහන් කළේය.
ඇතැම් නිලධාරීන් පවා විවිධ පල ප්‍රයෝජන ලබාගෙන මෙම සිරකරුවන්ට ජංගම දුරකථන සපයමින් උදව් කරන බවට තොරතුරු වාර්තාවී ඇතැයිද ඔහු කීවේය
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාතාලකරුවකු එම බන්ධනාගාරයෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය ඉවත් කරන ලෙසට කලකට පෙර අධිකරණයෙන් ඉල්ලීමක් කළේ මේ හේතුවෙන් බවත් කරුණු වටහා ගත් අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවත් හෙතෙම සඳහන් කළේය.
බූස්ස බන්ධනාගාරයේ පමණක් දරුණු ගණයේ පාතාලකරුවන් හැට දෙනකු පමණ රඳවා සිටින බව ප්‍රතිභා මහානාම හේවා මහතා පැවසීය
යම් පාතාලකරුවකුට දේශපාලනඥයන් උදව් කර ඇති බව සනාථ වුවහොත් අපරාධ වලට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ එම දේශපාලනඥයන්ට එරෙහිව කටයුතු කළ හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.
බූස්ස බන්ධනාගාරයේ දරුණු ගනයේ අපරාධකරුවන්ට ලැබෙන පහසුකම් සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු විශේෂ කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කවුරුත් මේ කියන දූෂණ ගැන දන්නව. ඒවා නතර කිරීමට නොහැක්කේ මන්ද කියලත් දන්නව. වැරදි කරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කිසිවෙක් ක්‍රියා නොකිරීමට හේතුවත් ඉතා පැහැදිලියි. එසේනම් බන්ධනාගාර තුල ජංගම දුරකථන අක්‍රිය කිරීමට වහාම කටයුතු කරන්න.
"කං කං බූරු සිං සිං නෝරු ,දුවල දුවල ගිහින් බංකු බංකු සිකුයුරුටි training අන්කල් සොයලදෙන්න.
බන්ධනාගාරය තුල දුරකථන සංඥා බ්ලොක් කරන එක හරිම ලේසි වැඩක්. ඇයි කවුරුත් ඊට උනන්දුවක් නැත්තේ... අනිත් එක දුරකථන ඇතුලට එන එක ඇයි වළක්වන්න බැරි? බැරිකම නොවෙයි එහෙම කලොත් දූෂිත බන්ධනාගාර නිලධාරීන්ගේ ආදායම් මාර්ග ඇහිරෙනවානේ. පැවැති රජයන් වගේ මාලිමාවත් ඒ ගොඩට වැටෙන එකක් නැති බව අපට විශ්වාසයි...
වෙන සන්නිවේදන ක්‍රම ඇත්තේම නැද්ද? මිනිස්සුන්ගේ උපක්‍රමසීලීත්වය ගැන විහිළු කරන්න එපා...
මේ වගේ මොල කලින් හිටපු අයට මිස් වුනේ කොහොමද දෙයියනේ? මේක කියන්ට මහාචාර්ය පට්ටමක් ඕනෑද?
බන්ධනාගාරයක් යනු නගරයක් තරම් විශාල තැනක් නොවේ. එවැනි කුඩා වපසරියක් තුලට දුරකථන ගෙනයාම වලවිය නොහැකි නිලධාරීන්ගේ ඇති ඵලය කුමක්ද?