(සිතුම් චතුරංග)

වවුනියාව, සෙට්ටිකුලම වීරපුරම් ප්‍රදේශයේ අතහැරදමා තිබූ ගල්වළක තිබී මියගිය තිදරු පියෙකුගේ මළසිරුරක් සොයාගත් බව සෙට්ටියාර්කුලම පොලිසිය පවසයි.

සෙට්ටිකුලම ප්‍රදේශවාසීන් විසින් ලබාදුන් තොරතුරකට අනුව සිදුකල පරීක්ෂා කිරීමකදී සිරුර සොයාගත් බව පොලිසිය පැවසීය. 

එලෙස මියගොස් අ‍ැත්තේ සෙට්ටිකුලම, වීරපුරම් පදිංචි සුප්පයියා මරුදන් නැමති 78 හැවිරිදි පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයා රාත්‍රියේ වගා බිම් වන අලින්ගෙන් අ‍ාරක්ෂා කරගැනීම සඳහා සවස වගාබිම වෙත යමින් සිටියදී පය ලිස්සා ගොස්  ගල්වළ තුලට අ‍ැදවැටී අ‍‍ැති බවත් පොලිසිය සඳහන් කළේය.