(ඩයනා උදයංගනී)
කොවිඩ් වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තියක් පවතින බැවින් අත්‍යාවශ්‍ය කරුණකට හැර කොළඹ නගරයට පැමිණීමෙන් වළකින්නැයි කොළඹ නගරාධිපතිනි රෝසී සේනානායක මහත්මිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මේ දිනවල කොළඹ නගරයට පැමිණීම දැඩි ජීවිත අවධානමකට ලක්වීමක් බැවින් කොළඹට එන්න පෙර වරක්, දෙවරක් නොවෙයි කිහිප වරක්ම එය අත්‍යාවශ්‍යදැයි සිතා බලා හැකිතාක් නිවෙස්වලටම වී සිටින ලෙස ඇය ඉල්ලා සිටී.
කොළඹ නගරය පුරා කොරෝනා වයිරසය ඉතා වේගයෙන් ව්‍යාප්ත වී සෑම ප්‍රදේශයකින්ම මෙන්ම ව්‍යාපාරික ස්ථානවලින්ද ආසාදිතයන් වාර්තාවන බවත් දිනකට කොරෝනා ආසාදිතයන් ඉතාමත් විශාල පිරිසක් මියයන බවත් ඇය පැවසුවාය.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත කොරෝනා මර්දනයට ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබුණත් රට දිනෙන් දින ඉතිහාසයේ කවදාවත් නොදැකපු නොසිතපු තරම් භයානක තත්වයකට ගමන් කරමින් ඇතැයි ද ඇය සඳහන් කළාය.
පළාත් අතර දැඩි සංචරණ සීමා පනවා ඇති නමුත් දිස්ත්‍රික්ක සහ නගර සභා බල ප්‍රදේශයේ සංචරණ සීමා නැතැයි සිතා නිවසින් බැහැරව ගමන් කිරීම නොකරන ලෙස කොළඹ දිංචිකරුවන්ගෙන් සහ කොළඹට පැමිණෙන සියලු දෙනාගනේ ඉල්ලා සිටින බව රෝසි සේනානායක මහත්මිය කීවාය.
පවතින දරුණු වසංගතය පාලනය කිරිමට නම් ජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අත්‍යාවශ්‍ය බව ද ඇය පැවසුවාය.
එබැවින් කොළඹින් ලබාගැනීමට අවශ්‍ය සේවා හැකිතාක් මාරගගත ක්‍රමයට ලබාගැනීම, සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම, හැකිතරම් නිවසේ සිට රාජකාරී කටයුතු කිරීම, ආපනශාලා, සුපිරි වෙළඳසැල් ආදියට ඇතුළුවීමේදී ඒවාගේ ඇති ඉඩ පහසුකම් හා සෞඛ්‍යාරක්‍ෂිත බව පිළිබඳ සැලකිලිමත්වීම, වැදගත් බව ද ඇය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ එන්නේ රස්ස්සාව කරන්න .පඩි ඕනේ නැහැ .රට වහන්න .එතකොට ගෙදරට වෙලා ඉන්නම් .වතුර හරි බීලා ඉන්නම් .ඔක්සිජන් නැතුව ඉන්න බැහැ .රට වහන්න නිල විදිහට .ඒකට බලය තියෙන්නේ රජයට
කොළඹ පුද්ගලික අංශයේ සේවය කරන අයට කොහොමද එහෙම කියන්නේ? නිල වශයෙන් රට වැහුවේ නැතිනම්... රස්සාවට නොගිහින් මොනවා කරන්නද? ආසාධිත වෙලා මැරෙනවා ඇරෙන්න.
ඔන්න ඕකයි නියම කතාව... කොළඹ එ්ම කොහොම වෙතත් ගෙයින් දොට්ට බහින්න එපා...!!!
පුද්ගලික ආයතන පට ගාලා සේවකයින්ව බලෙන්ම එන්නත් කරවනවා. රජයෙන්වත් එහෙම බල කරන්නෙ නෑ. කියන්නෙ සමාජ වගකීමලු. එන්නත් කළ නොකළ හැමෝටම ආයෙත් ආයෙත් හැදුණත්, පුද්ගලික සේවකයගෙ ජීවිතේ තීරණය හාම්පුතාලගෙ අතේ. පණ බෙරගෙන ගෙදර හිටියොත්, රස්සාව නෑ. රස්සාව කරන්න ගෙදරින් ගියොත්, ජීවිතේ නෑ. දෙයියන්ගෙ නාමෙට කියපල්ලකො, අපි මොකද කරන්නෙ එතකොට.. සාමන්‍ය මිනිස්සුන්ට හෙන ප්‍රශ්න යකුනේ..