(අංජුල මහික වීරරත්න)
නාගරික සංවර්ධන අධිකාරියේ මහල් නිවාස වල පදිංචි කරුවන්ගෙන් සියයට පනහකට මෙම වසර අවසානයට පෙර හිමිකම් ඔප්පු ලබා දෙන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
නාගරික සංවර්ධන අධිකාරිය සතු මහල් නිවාස වල මේ වනවිට පුද්ගයෝ 14,542 දෙනෙක් පදිංචිව සිටිති. පළමු අදියර යටතේ සියයට 50ක පිරිසකට හිමිකම් ඔප්පු දෙන අතර අනෙක් මහල් නිවාසවල මතුව ඇති නෛතික හා අනෙකුත් ගැටළු නිරාකරණය කිරීමෙන් පසු ලබන වසරේදී ඔවුන්ට හිමිකම් ඔප්පු ලබාදෙන බව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා කීය.
තට්ටු නිවාස හිමියන්ට හිමිකම් ඔප්පු දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද අයවැය කතාව ඉදිරිපත් කරමින් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd