(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මහල් නිවාස සහ වෙනත් ගොඩනැගිලි විකිණිමට සහ කුලියටදීමට නොහැකි වීම නිසා 10,000 කට ආසන්න පිරිසක් අන්ත අසරණ තත්වයට පත්ව සිටින අතර එම නිවාස සෑදීමට වැය කළ කෝටි ගණනක මුදලක් වතුරේ යන තත්වයක් උදාවී ඇතැයි වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම ව්‍යාපාරිකයන් පෙන්වා දෙන්නේ මෙරට ජනතාව මූල්‍යමය දුෂ්කරතා හේතුවෙන් මහල් නිවාස මිලදී ගැනීම සියයට අසූවකින් පමණ අඩුවී ඇති බවයි.
විදේශයන්හි ජීවත් වන ශ්‍රී ලාංකිකයන් සීමිත පිරිසක් පමණක් මහල් නිවාස මිලදී ගන්නා බවත් මේ තත්ත්වය යටතේ නිවාස සෑදීමට ගත් බැංකු ණය පියවා ගැනීමටද අද නොහැකිවී ඇති බවත් ඔවුහු ප්‍රකාශ කළහ.
මේ අතර ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාල ආයතන විසිපන්දහසක් පමණ ආර්ථික ගැටලු හේතුවෙන් පසුගිය වසර කිහිපයේදී වැසී යෑම නිසා එම ක්ෂේත්‍රය බරපතළ කඩාවැටීමකට ලක්ව ඇතැයි ඒ ක්ෂේත්‍රයට සම්බන්ධ ආරංචි මාර්ග අනාවරණය කළේය.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සෘජු රැකියාවල නියුතු හය ලක්ෂ පනස් දහසක් (650000) හා වක්‍ර රැකියාවල නියුතු ආසන්න වශයෙන් හත් ලක්ෂයක පිරිසක් (700000 ) ආර්ථික අර්බුදය හමුවේ එම ක්ෂේත්‍රය කඩා වැටීම හේතුවෙන් අනාථභාවයට පත්ව සිටින බව ආර්ථික ස්ථායිකරණයට අදාල කෙටි සහ මධ්‍යකාලීන මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වන ජාතික සභා අනුකමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පිරිස් ආර්ථික ප්‍රශ්න හේතුවෙන් රට හැර යාමේ ප්‍රවණතාවක්ද මතුව ඇතැයි එම සභාව සඳහන් කළේය.
මෙම ගැටලු වෙන වෙනම හඳුනාගෙන වෙන වෙනම ක්‍රියාත්මක නොවුණහොත් ඉංජිනේරු ක්ෂේත්‍රය විශාල වශයෙන් බිඳ වැටීම වැළැක්විය නොහැකි බවත් මේ තත්ත්වය වැළැක්වීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් .ඉදිරිපත් කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කළේය.
.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උඹලට ඔහොම වෙලා මදි. උඹලා හිතුවේ මේක ලාස් වේගාස් කියලා. හොඳ වැඩේ. ණයට අරගෙන හැදුව උඹලා බැලුවේ ගාණක් හොයා ගන්න විදියක් මිසක් තිරසාර ක්‍රමයක් නෙවෙයි. උඹලට තාම හරියට වුණේ නැහැ. මේ පටන් ගත්ත විතරයි. යමල්ලා ඔහොම. තව හොඳ ඒවා බලන්න පුළුවන් ඉස්සරහට. තාමත් දැක්මක් නැහැ. තාමත් ට්‍රයි කරන්නේ ණය ගන්න. කවුරුවත් බලන්නේ නැහැ නිෂ්පාදනයක් කරන්න. පිටරටවල ව්‍යාපාර අවස්ථා ඔක්කොම බලන්නේ. ණයට සල්ලි අරන් මොනවා හරි මඟුලක් කරලා ඒ අපේම එවුන්ට විකුනලා කීයක් හරි හොයා ගන්න. මේකෙන් එළියට වරෙල්ලා. මහන්සි වෙලා වැඩ කරලා ඩොලර් හොයන විදියක් බලපල්ලා.
අපේ උගත්, බුද්ධිමත්, විදග්ධ, මතුනොව පණ්ඩුවානන්ට සිය "වර්ණ" මුදා හැරීමට උචිත "ලිටිමස්" ටෙස්ටි එකක්.
ලංකාව බංකොලොත් වෙලා දැන් අවුරුද්දක් වෙනවා. රුපියල දැන් තියෙන්නේ ලෝකේ ඉතාම අවදානම් මුදල් ඒකකයක් හැටියට. ස්ථාවර වෙන්න රටට ඩොලර් එන්න ඕන. රටට ඩොලර් එන්න සැබෑ විනිමය අනුපාත තියෙන්නේ ඕන. ඩොලර් හොරු නම් එනවා, අපේ share market එක අල්ලන්න. අපිට වෙන්නේ එක සැරයක් මැලේසියාවට උන දේ. ලංකාවේ ඩොලර් හොරුන්ගේ අතකොළුවක් වෙනවා. ඩොලර් එන්න ඕන ණය වලින් නෙවෙයි, ප්‍රේෂණ හා ආයෝජන වලින්. ඒ දෙකම එන්නේ නෑ. ඩොලර් මිල හිර වෙලා නිසා.
මේ අය සියලුම දෙනා එකතු වෙලා නිර්මාණය කළ සෞභාග්‍ය තමයි මේ.
ඉදිකිරිම් ක්ෂේත්‍රයේ උන් පුදුම ගසාකෑම කෑවෙ පහුගිය අවුරුදු වල ඇයි යකෝ ඕකුන්ට සල්ලි නැත්තේ. හොයපු ඩොලර් පිට රටවල් වලට පන්නලා උන්ගෙ ළමයි ඒ රටවල්වලට ගිහිල්ලා එක්කෝ ගැන ගන්න නැත්තං ස්ථිර පදිංචියට. දැන් වෙලා තියෙන්නේ අන්තිමට කරපු poject වල ගෙවල් විකුණන්න බැරි වෙලා තියෙන එක.
ලංකාව බංකොළොත් වෙලා දැන් අවුරුද්දක් වෙනවා. රුපියල දැන් තියෙන්නේ ලෝකේ ඉතාම අවදානම් මුදල් ඒකකයක් හැටියට. ස්ථාවර වෙන්න රටට ඩොලර් එන්න ඕනෑ. රටට ඩොලර් එන්න සැබෑ විනිමය අනුපාත තියෙන්නේ ඕනෑ. ඩොලර් හොරු නම් එනවා, අපේ share market එක අල්ලන්න. අපිට වෙන්නේ එක සැරයක් මැලේසියාවට වුණුදේ... ලංකාවේ ඩොලර් හොරුන්ගේ අතකොළුවක් වෙනවා. ඩොලර් එන්න ඕනෑ ණයවලින් නෙවෙයි, ප්‍රේෂණ හා ආයෝජනවලින්... ඒ දෙකම එන්නේ නෑ. ඩොලර් මිල හිරවෙලා නිසා...
රටක ආර්ථිකය කඩා වැට්ටුවාම එක දිගටම සියළුම ක්ෂේත්‍ර කඩා වැටෙනවා. හරියට ඒක හරියට සිගරට් පැකට් පේලියක් එක දිගට තියලා එක කෙලවරේ තියෙන එකට ඇඟිල්ලෙන් ඇනපු ගමන් සේරම පෙරළෙනවා හා සමානයි මේක තමයි යථාර්තය... මේවා එදා කොච්චර කිව්වද මේ දෙගොල්ලොම කළේ බොරු කියකිය සුරංගනා ලෝක පෙන්වලා කුඨ ජාවාරම් කාරයින් ධනවත් කරලා දෙගොල්ලන්ම බෙදාගත්තා ධනය දැන් ඉවරයි. අනුර ඇතුළු ඒ නායකයින් මේවා හිසේ කෙස්ගානට කිව්වා කෝ ඇහුවාද..? දැන්වත් වෙනස් කරලා ඒ මිනිස්සුන්ට රට බාරදෙන්න ඕනේ... ඔවුන් අඩුතරමේ වසර 4 ක් 5ක් යනකොට මේ රට සැලකිය යුතු ප්‍රමාණයකින් ගොඩ ගන්නවා ඒකාන්තයි...
ඔයත් මේ රට විනාශ කරපු කෙනෙක් තමයි. කෝ අර ඔයාගේ යාලුවා විද්‍යා. පැනමා පේපර් වල බිලියන ගණන් තියෙනවා කියපු කථාව. ඒ ඔයාගෙ පාට්නර් කෙනෙක්නේ. එයාට කොහෙන්ද සල්ලි? විද්‍යා ළඟ තියෙන්නේ ඔයාගේ සල්ලි. අනික කතරගම අනුරාධපුර වගේ පූජානගර හැම එකකම ඉන්න විශාමික හමුදා සහ පොලිස් අය ඔයාගේ මිනිස්සු... නගර සංවර්ධනය කරනවා කියලා ඔයා ඒවත් කළා. ඔවුන් කෑවේ බීවේත් පන්සල්වල, දේවාල වල. හරි දේ දන්නේ ඔයා තමයි. මේවා සාමාන්‍ය මිනිස්සු දන්නේ නැහැ...
ඉදිකිරීම් ක්ශේරයේ මිනිසුන්ගෙන් සල්ලි අරන් ගෙවල් දෙනව කියල පොලු තියපු අය එ වගෙම ගෙයක් හදන්න ගියම එක හදාගන්න දහ ගුනයක් බඩු නාස්ති කරන හොරාට මනින සල්ලි අරන් පැනල යන කොන්ත්‍රත් කරුවන් සහ මේසෙන්වරු මවාපාල බාල අමුද්‍රව්ය වලින් ගෙවල් හදල මිනිසුන්ගෙ සල්ලි මන්කොල්ල කාපුවට හොද දඩුවමක් සාදාරන මිනිසුන්ට එහෙම වෙලා නෑ