(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
තංගල්ල ද නේචර් හෝටලයේදී බි‍්‍රතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් නැමැත්තා මරා දමා ඔහුගේ පෙම්වතිය දුෂණය කරන ලදැයි චෝදනාවට කොළඹ මහාධිකරණය මඟින් තංගල්ල ප‍්‍රදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් විදානපතිරණ ඇතුළු චූදිතයින් සිව් දෙනෙකුට නියම කර ඇති වසර 20ක සිර දඬුවමට එරෙහිව නීතිපතිවරයා සහ විත්තිකරුවන් විසින් ගොනු කළ අභියාචන පෙත්සම් දෙක අද ( 13) ඔවුන් විසින් ඉල්ලා අස් කර ගන්නා ලදී.
මෙම පෙත්සම් දෙක දෙපාර්ශවයේම එකඟත්වයෙන් අභියාචනාධිකරණය හමුවේ ඉල්ලා අස්කර ගැනු ලැබිණි.
පෙත්සම් ඉල්ලා අස්කර ගනු ලැබු වරදකරුවන් වනුයේ තංගල්ල ප‍්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණ , ඝහිරු කැලූම් සහ ප‍්‍රගීත් චතුරංග නැමැති නැමැත්තන්ය.
දෙවැනි පෙත්සම්කාර විත්තිකරු වන උඩුවනගෙදර සම්පත් දේශප‍්‍රිය නැමැත්තාගේ අභියාචන පෙත්සම ලබන ජූලි 24 වන දින විභාගයට ගැනීමට දින නියම කෙරිණි.
මෙම අභියාචන පෙත්සම් ශිරාන් ගුණරත්න සහ ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු යන මහත්වරුන් ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලූණි.
තංගල්ල ප‍්‍රාදේශීය සබාවේ හිටපු සභාපති සම්පත් විදානපතිරණ , උඩුවේගෙදර සම්පත් දේශප‍්‍රිය , ප‍්‍රගීත් චතුරංග සහ ළහිරු කැලූම් නැමැත්තන් විසින් තමන්ට පැනවූ සිර දඬුවම ලිහිල්කර තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා එක් අභියාචන පෙත්සමක්ද , විත්තිකරුවන්ට පැනවූ සිර දඬුවම් මරණ දඬුවම දක්වා වැඩි කරන්නැයි ඉල්ලා නීතිපතිවරයා විසින් අනෙක් අභියාචන පෙත්සම ද ගොනු කරනු ලැබීය.
2011 වසරේ දෙසැම්බර් 25 වැනදා තංගල්ල නේචර් පාක් හෝටලයේදී බි‍්‍රතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් නැමැත්තා ඝාතනය කොට ඔහුගේ පෙම්වතිය ¥ෂණය කරන ලදැයි අතුළු චෝදනා 17 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ ගොනු කරන ලදී.
නීතිවිරෝධී ගිනි අවියක් ළඟ තබා ගැනීම ,අයුතු ජනරාශිය ,මිනීමැරීම ,ස්ත‍්‍රී ¥ෂණය ඇතුළු චෝදනා එම අධි චෝදනා වලට අයත් විය.මෙම නඩුව විභාගයට ගැනීමෙන් පසු විනසුරු රෝහිනී වල්ගම මහත්මිය 2014ජූලි 17 වැනිදා සිය තීන්දුව ප‍්‍රකාශ කරමින් විත්තිකරුවන්ට බරපතල වැඩ සහිත වසර 20ක සිරදඬුවම් නියම කෙරිණි.
මෙම තීන්දුවෙන් සම්බන්ධයෙන් අතෘප්තියට පත් දෙපාර්ශවය විසින් ඊට එරෙහිව අභියාචනාධිකරණයට අභියාචන පෙත්සමක් යොමු කෙරිණි.
අයුතු ජනරාශියක් වී ඇති බවට මහාධිකරණය විසින් නිගමනය කර තිබියදී නීතිවිරෝධී ගිනි අවි සන්තකයේ තබා ගැනීම චෝදනාවට එක් විත්තිකරුවෙකු පමණක් වරදකරු කිරීම වැරදි බව කියා සිටින නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට නියම කළ දඬුවම් ප‍්‍රමාණවත් නැතැයි සඳහන් කරමින් ඔවුන්ට ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම් හෝ මරණ දඬුවම නියම කරන ලෙස ඉල්ලා සිය අභියාචන පෙත්සම ඉදිරිපත් කළේය.
සාක්කි දුර්වලතා මෙන්ම සිද්ධිමය කාරනා පිළිබඳව වන සිද්ධාන්තමය දුර්වලතා නොසලකා හැරීමෙන් මහාධිකරණය විසින් මෙම තීන්දුව ලබාදී ඇති නිසා එම තීන්දුව බලරහිත කරන ලෙසත් ඉල්ලා සිටින විත්තිකරුවන් තමන්ට නියම කළ දඬුවම ඉවත් කර නිදහස් කරන ලෙසද ඉල්ලා මෙම ඇපෑල ඉදිරිපත් කළේය.
පළමු විත්තිකාර පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ දර්ශන කුරුප්පු මහතාද දෙවැනි විත්තිකාර පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ මංජුල මාකුඹූර මහතාද , තුන්වැනි විත්තිකාර පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ද පෙනී සිටියහ.
නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතරම් බරපතල ම්ලේච අහස පොලොව නුහුලන අපරාධයක් කරපු අපරාධකරුවන් උසාවියෙන් ඉල්ලා සිටිනවා ඔවුන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස. හරි පුදුම සහගත් ඉල්ලීමක්නේ මේක? මට තිබෙන බරපතලම ප්‍රශ්නය නම් මෙවන් අපරාධයකට මරණීය දණ්ඩනය නොලැබුණේ කෙසේද යන්නයි? කාලයක් මෙයාට සුදු ඩිෆෙන්ඩරයකින් බත් ඇද්දලු. දැන් ඒවා නැතුව ඇති.
මේ දඩුවම හොඳටම ප්‍රමාණවත් මදි, අවුරුදු 20 කට සාමාන්‍ය මනුෂ්‍යයෙක් හිරේ ගියොත්, එක එක සමාවල් යටතේ ඇත්ත වශයෙන්ම හිරේ ඉන්නේ අවරුදු 14-15 විතර, දැන් තියෙන දේශපාලන වාතාවරණය යටතේ සමහරවිට මොහුට ලැබෙන විශේෂ පොදු සමා වැනි දේවල් නිසා මොහු හිරේ ඉන්නේ ඇත්ත වශයෙන්ම අවුරුදු 10 වෙන්න පුළුවන්. එම අවරුදු 10 න ඔහු කලින් රිමාන්ඩ් එකේ හිටපු කාලේ සහ හිරේ හිටපු කාලේ එකතු කලහම දැනට ඔහු අවුරුදු 6 විතර හිරේ ඉඳලා තව අවුරුදු 4 -5 කින් මොහු අනිවාර්යයෙන්ම එලියට එනවා, එහෙම ආවහම පළාතම ඉවරයි.
ඔහෙම ඉන්න. ගම්වලට ඇවිල්ලා නම් ඉන්න ලේසි නැ.
පුදුම ඉල්ලීම් !
'කුමට මෙරට අධිකරණය, නීතිය සහ විනිසුරන්...'