
(චන්ද්‍රසේන ගමගේ)
තංගල්ල නගර සභාවේ සභාපති ඩබ්ලිවු.පී. ආරියදාස හා නාගරික මන්ත්‍රී අරලිය එරන්දිම (එ.ජ.නි.ස.) පෙරේදා (21) දින සමගි ජනබල වේගයේ සාමාජිකත්වය ගත්හ.
සමගි ජනබල වේගයේ හම්බන්තොට දිස්ත්‍රික් නායක පාර්ලිමෙන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා අතින් සමගි ජන බල වේගයේ සමාජිකත්වය ගත් ඔවුන් දෙදෙනා ඉදිරි පලාත් මැතිවරණයේදී තංගල්ල නගර සභාවට සමගි ජනබල වේගයෙන් තරඟ කිරීම සදහා නාමයෝජනා ද දුන්හ.
මේ බව සදහන් කිරීම සදහා පාර්ලිමෙන්ත්‍ර මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ කාර්යාලයේ මාධ්‍ය හමුවක් පැවති අතර එයට නගරසභාවේ සභාපතිවරයා හා නාගරික මන්ත්‍රී වරයා ද සහභාගි වූහ.
මාධ්‍ය හමුවේදී දිලප් වෙදආරච්චි මන්ත්‍රී වරයා කියා සිටියේ තංගල්ල නගරසභාවේ සභාපතිවරයා හා අරලිය එරන්දිම මහතා සමගි ජනබල වේගයට එක්වීම තමන් ලැබූ ජයග්‍රහණයක් බවයි. තංගල්ල නගරය රාජපක්ෂ වරුන් ගේ නොවන බවත් එය අපට අයත් නගරයක් බවත් දිලිප් වෙදආරච්චි පැවසීය.
සමගි ජනබල වේගයට එක් වු නාගරික මන්ත්‍රී වරයා හා සභාපති වරයා පැවසුවේ තංගල්ල නගරයේ පුරවැසියන්ට සේවය කිරීමට පොදුජන පෙරමුණේ කණ්ඩයමක් හා ජවිපෙ මන්ත්‍රීවරුන් දෙදෙනා ඉඩ ලබා නොදෙන බවයි. එම නිසාම වැඩක් කළ හැකි කන්ඩායමක් සමඟ එකතු වීමට තමන් තීරණය කළ බව ඔවුහු පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඔක්කොම එකයි කිව්වේ නිකන්ද ?
තංගල්ල රාජපක්ශ ලගේ නෙවේ ඒ ගොල්ලන්ගෙලු..තව අමු මාලූ වෙක් කෑවා නම් ඔය ගතිය අඩුවෙයි.හුගක් එවුන් හිතන් උන්නේ මේක උන්ගේ උරුමක් කාර දේපලක් කියලා.අන්තිමට කෙලවෙන කම් දන් නෑ.ඔයාටයි ඔයාගේ පුතාටයි වෙන්නේ ඒකම තමා.නිකන් ගොන් කතා කියන්න එපා.රාජපක්ශ ලයි තමුන්ලයි එකම කාසියේ දෙපැත්ත .
එක වැසිකිලි වලකින් තව වැසිකිලි වලකට පැනලා. ගඳ එහෙම්මමයි..!
මෙච්චර කල් බලයේ ඉඳලා, වරප්‍රසාද, වරධාන සේරම භුක්ති විඳලා, දැන්තමයි මේ දෙදෙනාට තේරිලා තියන්නේ පොහොට්ටුව සහ ජවිපයේ ඔවුන්ට වැඩ කරන්න දුන්නේ නැහැ කියලා...
කමක් නෑ තැන් දෙකම එකයි.. අසුචි වලවල්...
ඕක තමයි හැමදාම වුනේ.. හොරු එහෙට පනිනවා... මෙහෙට පනිනවා..
අපි දන්නවා මේ සියලු දෙනාම හොඳ යාළුවෝ කියලා. මේ අයට ඡන්දෙ දෙන උන්දැලාට කවන්න ඕනෑ තණකොළයි, පුන්නක්කුයි...
මේක අහපු මැදමුලන රාජපක්ෂ මහ බයියන්ගේ ප්‍රෙෂර් එක නහුතෙටම නැගලා.අතේ තිබුන හැරමිටියෙන් පහර දෙමින් වලව්ව පුරා දිවුවා කියා දැකපු අය කියනවා
තම තමන්ගේ පුද්ගලික වාසියට පිල් මාරු කරන අපතයෝ .ගහලා එලවන්න ඕන