IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


තක්ෂි නේපාලයට ගෙන්වා ගත්තේ සෙව්වන්දිට පාස්පෝට් හදන්න

(ගයාන් සූරියආරච්චි)

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව නැමැත්තා ඝාතන සිද්ධියේ මහ මොළකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි  නේපාලයේදී සාදා ගත්  ව්‍යාජ තුර් කි ගුවන් ගමන් බලපත්‍රයේ  තිබූ මුද්‍රා දෝෂයක් හේතුවෙන් නේපාල ආගමන විගමන දෙපාර්තමේන්තුව එම ගුවන් ගමන් බලපත්‍රය සිය භාරයට ගෙන තිබූ බවත් අනතුරුව ජේ.කේ. බායි නැමැත්තා වෙනත් ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් සාදාගැනීම සදහා සෙව්වන්දිගේ රුවට සමාන තක්ෂි නැමැති කාන්තාව ඉන්දියාවේ සිට නේපාලයට ගෙන්වාගෙන තිබූ බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

යාපනයේ තක්ෂි නැමැති කාන්තාව ඉෂාරා සෙව්වන්දිගේ රුවට සමාන බැවින් ඇය  නේපාලයට ගෙන්වා ඇයගේ ගුවන් ගමන් බලපත්‍රය මාර්ගයෙන් වෙනත් ගුවන් ගමන් බලපත්‍රයක් ව්‍යාජව සාදාගෙන තුර් කියට ගොස් අනතුරුව මැලේෂියාවට ගමන් කිරීමට සැලසුම්කර තිබූ බව පොලිසිය පවසයි.

 ඉෂාරා සෙව්වන්දි ජේ.කේ. බායි සහ සිලෝන් බායි නැමැත්තන් සමග මාසයක් පමණ නේපාලයේ එකම කාමරයක සිට ඇති බවත් පසුව ඇය වෙනත් මහල් ගොඩනැගිල්ල කාමරය නවාතැන් ගෙන සිටි බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල, අපරාධ පරීක්ෂණට දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පොලිස් කණ්ඩායමක් ඉතා රහසිගතව සිදු කළ විමර්ශනවලින් අනතුරුව නේපාලයේ කත්මණ්ඩු නුවර සැඟවී සිටි ඉෂාරා සෙව්වන්දි, ජේ.කේ. බායි, ජැෆ්නා සුරේෂ්, තක්ෂි, ගම්පහ බබා සහ නුගේගොඩ බබී නැමැත්තන් ඇතුළු සැකකරුවෝ එරට පොලිසියේ නිලධාරීන් විසින් ඉකුත් සැප්තැම්බර් 13 වැනි දින අත්අඩංගුවට ගනු ලැබූහ.

අනතුරුව සැකකරුවන් කටුනායක ගුවන් තොටුපොළට රැගෙන ඒමෙන් අනතුරුව ඉෂාරා සෙව්වන්දි, ජේ.කේ.බායි, ජැෆ්නා සුරේෂ්, තක්ෂි යන කණ්ඩායම කොළඹ අපරාධ කොට්ඨාසයටත්, නුගේගොඩ බබී නැමැත්තා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයටත්, ගම්පහ බබා නැමැත්තා බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයටත් බාරදී තිබුණි.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව නැමැත්තා අධිකරණ සංකීර්ණයේදී වෙඩි තබා ඝාතනය කිරීම සදහා  සැකකාර ඉෂාර සෙව්වන්දි නැමැත්තියට නඩු විධාන සංග්‍රහයේ පිටපත් සහ නීති පොත්, නීතීඥ කබායක්, ටයි පටි 2 ක් සහ නීතීඥවරුන් මෝටර් රථයේ අලවන ස්ටිකරයක් ලබාදුන් බව කියන නීතීඥවරියක් ද කඩවත ප්‍ර දේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඉකුත් දා අත්අඩංගුවට ගනු ලැබුවාය.

 



අදහස් (0)

තක්ෂි නේපාලයට ගෙන්වා ගත්තේ සෙව්වන්දිට පාස්පෝට් හදන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1759 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1445 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 520 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site