
(ප්‍රේමතිලක පෙරමුණ,ගයාන් සූරියආරච්චි සහ විශ්ව ගැමුණු ප්‍රියංකර )
පැලවත්ත නෙළුව මාර්ගයේදී තේ දලු රැගෙන ගිය ලොරියක් මාර්ගයෙන් ඉවතට පැන අසල නිවසකට පෙරලී සිදුවූ අනතුරකින් අවුරුදු හයක කුඩා දරුවෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
රියදුරු සහ ගෝලයා තුවාල ලබා ඇතැයි තිනියාවල පොලිසිය පවසයි . මියගොස් ඇත්තේ යට්ටපාන 9 කණුව ප්‍රදේශයේ පදිංචිව සිටී අදිත්‍ය පුන්සර නම්වූ දරුවෙකි.
ලොරි රථය පැලවත්ත සිට තිනියාවල දිසාවට ගමන් කිරීමේ දී යට්ටපාත 09 කණුව ප්‍රදේශයේ දී අනතුර සිදුව ඇත. තුවාල ලැබූ ලොරි රථයේ රියදුරු සහ ගෝලයාද මීගහතැන්න රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර , තිනියාවල පොලිසිය පරීක්ෂණ පවත්වයි .
( ඡායාරූපය විශ්ව ගැමුණු )
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු හයක දරුවෙක් ඔහොම හිස්වැස්මක් පැපැළදීම කලේ ?
පුංචි පුතේ සසර වසන් තුරු ඔබට මෙවන් අකල් මරණයක් නොවේවා . කෙලවර අජරාමර නිවනින් සැනසේවා . දැන් රටවටේ හතු පිපෙන්නසේ ඇතිවන් මොන්ටිසෝරි වලින් දරුවන්ව ජෝකර්ලට අන්දවනවා . උපාධි තොප්පි විතරක් නෙවෙයි , උපාධි ලෝගුත් දෙන්න බරිනැහැ මොවුන් අතර ඇති තරඟය නිසා .