IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


තේ කම්හල් 213ක් වැහිලා

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

විවිධ ගැටලු හේතුවෙන් රට පුරා තේ කර්මාන්තාලා 213ක් 1986 සිට මේ දක්වා වැසී ගොස් ඇතැයි වැවිලිඅමාත්‍ය සමන්ත විද්‍යා රත්න මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

තේ කම්හල් දහතුනක් 2018 වර්ෂයේදීද තේ කම්මල් දාහතක් 2019 වර්ෂයේදීද කම්මල් දහතුනක් 2020 වර්ෂයේදී ද කම්මල් දාහතරක් 2022 වර්ෂයේදී ද කම්හල් දහනමයක් 2023 වර්ෂයේදීද කම්මල් හයක් 2025 වර්ෂයේ වර්ෂයේදීද මෙසේ වැසී ගොස් ඇති බව අමාත්‍යවරයා පැවසීය.

මේවා වැසී යන්නේ මාසයෙන් දෙකෙන් ඇතිවන තත්ත්වයන් තුළ නොවේ යැයිද  විද්‍යාරත්න මහතා පැවසීය

කළමනාකරණයේ දෝෂ දළු ප්‍රමාණවත් නොවීම පසුගිය රජයන්හි ක්‍රියා කලාප  වැනි හේතු මේවා වසා දැමීමට හේතු වී තිබෙන බව පැවසූ අමාත්‍යවරයා සමහර කර්මාන්ත ශාලා උපරිම ධාරිතාවෙන් පවත්වාගෙන නොයන බවද ප්‍රකාශ කළේ

ලංකාවේ තේ කර්මාන්තය අර්බුදකාරී තත්ත්වයකට පැමිණ සිටින බවත් එය ගලවා ගැනීමට අමාත්‍යංශය මැදිහත්ව සිටින බවත් හෙතෙම පැවසීය.

වැසී  ගිය කර්මාන්තාලා යම් ප්‍රමාණයක් නැවත විවෘත කර ගැනීමට හැකිවෙතැයි බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා කීවේය.

වැසී ගිය කර්මාන්තශාලා ආයෝජකයන්ට ගන්න පුළුවන් විදියට කටයුතු කිරීමට සූදානම් බව  හෙතෙම වැඩිදුරටත් පැවසීය

ඔහු මෙසේ පැවසුවේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ලාල් ප්‍රේමනාත්  මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.



අදහස් (4)

තේ කම්හල් 213ක් වැහිලා

ගුණරත්න Wednesday, 18 June 2025 08:42 PM

හා දැන් අලුත් ආණ්ඩුවක් නේ? ඔය ප්‍රශ්න විසඳන්න මේ තාක් මොනවාද කලේ?

:       2       9

Aruna Thursday, 19 June 2025 07:48 AM

87-90 කාලේ ගිනි තියපු කම්හල් ගැනත් මතක් කරා නම්, 76 වසරක සාපයේ කොටක් කරුවෝ හඳුනා ගන්න තිබ්බා. අතීතය වැළලිය නොහැකිය.

:       0       1

පිස්සු යකෙක් Thursday, 19 June 2025 08:16 AM

ගුණරත්න කීවාට ගු අකුර තමා උද්දීපනය වෙන්නේ... දාලා තියෙන අදහස් වලින්...

:       1       0

සිල්වා Thursday, 19 June 2025 12:53 PM

ඇමතිතුමා, මෙම තත්ත්වය ඔබතුමාගේම කටින් පිටවුන එක මසුරං වටිනවා. 88/89 කාලයේ සිද්ද වෙච්ච විනාශ තවමත් පල දෙනවා. කලකම් පල දෙනවා කියන්නෙ බොරුවක් නොවෙයි.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 646 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 533 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 440 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site