(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විවිධ හේතු මත තේ කර්මාන්තශාලා 106ක් පසුගිය වසර හතේදි වැසී ගොස් ඇතැයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යා රත්න මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
මේ වර්ෂයේදී තේ කම්හල් හයක් වැසී ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය
හයක් වැහෙන කොට පසුගිය කාලයේදී වසා දමා තිබූ කම්හල් 16ක් මේ වර්ෂයේදී විවෘත කළ බව පැවසූ අමාත්‍යවරයා 2018 අවුරුද්දේදී කම්හල් දහතුනක් වැසී ගොස් ඇතැයි ද සඳහන් කළේය
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
තේ කම්හල් 106ක් වැහිලා
Hira Friday, 10 October 2025 05:33 PM
ඔය මහත්වරු ගිනිතියපු ටිකත් එක්කද මේ ගාන?
Rama Saturday, 11 October 2025 06:18 AM
ඒක ඇත්ත. සමහරු ගිනි තියන්න පටන් ගත්තේ 1987 විතර ඉඳලනේ. අගලවත්තේ බදුරලිය පාරේ තියනවා මහා විශාල ඩැල්කීත් කියලා අක්කර දහස් ගණනක් තිබූ වතු යායක්. දැන් අයිති කොටගල සමාගමට මම දන්නා තරමට. ඔය වත්තක තාමත් තියෙනවා 1980 ගණන් අන්තිමේ සහෝදරවරු ගිනි තියලා විනාශ කරපු ගොඩනැගිලි යන්ත්‍ර සුත්‍ර. ඒවා කරේ මොන අරමුණකින් කියලද හිතන්න බෑ. ගිනිතියලා රැකියාවල් නැති කරේ කම්කරු පන්තියේ අයටමයි. පොඩ්ඩක් දැන්වත් ගිහින් බලලා ඕවා නැවතත් සංවර්ධනය කරන්න හිතන්න..
සුදා Saturday, 11 October 2025 06:13 AM
සමහරු තමන්ම ගිනි තියාගෙන ඒකට රජයෙන් හරි කොහෙන් හරි ආධාර එහෙමත් ගන්නවා.