IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


ණයට සල්ලි අරන් වී මිලදී ගන්න යයි

(අංජුල මහික වීරරත්න)

වී අලෙවි මණ්ඩලය මේ වනවිට වී මිල දී ගන්නේ  සියයට අටක පොලිය යටතේ රාජ්‍ය බැංකුවකින් සහ ගොවි බාරකාර මණ්ඩලයෙන්  ගත් ණය මුදලකින්  බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

වී අලෙවි මණ්ඩලය විසින් දැනට වී මිල දී ගැනීම ආරම්භ කර තිබේ. වී මිල දී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයට ණය මුදලක් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

ඒ අනුව රාජ්‍ය බැංකුවකින් සියයට අටක පොලියක් යටතේ ලබා ගත් ණය මුදලක් මත මේ වනවිට වී මිල දී ගැනීම ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මේ හැර ගොවි බාරකාර අරමුදලෙන් ද ණය මුදලක් ලබා ගෙන ඇති අතර දැනට වී මිල දී ගැනීම සඳහා යොදවනු ලබන්නේ එම මුදල් බව කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

වී අලෙවි මණ්ඩලය කිසිදු අවස්ථාවක ගොවීන් සතු  වී වලින් සියයට සියයක් මිල දී ගෙන නැතැයි ද  සාමාන්‍යයෙන් සමස්ත වී අස්වැන්නෙන් සියයට 10ක් පමණ උපරිම ප්‍රමාණයක් දක්වා වී මිල දී ගෙන ඇති අතර ඇතැම් වර්ෂවල සියයට එකක්වත් මිල දී නොගත් අවස්ථා ද තිබෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේ වුවද මෙවර වී අලෙවි මණ්ඩලය වී මිල දී ගන්නේ ලැබෙන මුදල් ප්‍රමාණය මත බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා අවධාරණය කළේය.

දැනට  පෞද්ගලික  අංශය විසින් වී කිලෝවක් රුපියල් 65-70 වැනි මිලකට මිල දී ගන්නා බව ගොවීහු සඳහන් කරති. එසේ වුවත් වී අලෙවි මණ්ඩලය විසින් වී මිල දී ගනු ලබන්නේ මුදල් අමාත්‍යාංශයේ මිල කමිටුවේ තීරණය පරිදි නාඩු වී කිලෝවක් රුපියල් 95කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 100කටත් හා කීරි සම්බා වී කිලොවක් රුපියල් 110ක් වැනි මුදලකට බව අමාත්‍යාංශය පවසයි.

වී අලෙවි මණ්ඩලය විසින් සියයට අටක පොලියක් යටතේ ලබා ගන්නා ලද ණය මුදල අදාල බැංකුවට ආපසු ගෙවීමට නම් එම මණ්ඩලය විසින් මෙම වී සහල් බවට පත් කර ලාභයක් ද ලැබිය යුතුව තිබෙන බව අමාත්‍යාංශය කියයි.

 



අදහස් (0)

ණයට සල්ලි අරන් වී මිලදී ගන්න යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 87 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 317 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site