(අංජුල මහික වීරරත්න)

සෞඛ්‍ය කාර්ය සහායක සහ ඩෙංගු මර්දන සහායක, නිරීක්ෂක (Overseers) වෘත්තිකයින් 1,778 කට පත්වීම් ප්‍රදානය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය  තීරණය කර තිබේ.

ඉදිරි දෙසතිය ඇතුලත මෙම පත්වීම් ප්‍රදානය කිරීමට නියමිතය.

මේ අතර රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර පත්වීමි  228 ක් ප්‍රදානය කිරීමටද අමාත්‍යංශය තීරණය කර ඇති අතර එම පත්වීම් බ්‍රහස්පතින්දා (16) ප්‍රදානය කෙරෙයි.

මෙරට නිදහස් සෞඛ්‍ය සේවා පද්ධතියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ රෝහල් පද්ධතිය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහාත්, රෝහල් පරිපාලනය සහ රෝගී සත්කාරක සේවා බිඳවැටීමකින් තොරව පවත්වාගෙන යාම සඳහාත්  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි සැලසුම් සහගත වැඩපිළිවෙල යටතේ මෙම පත්වීම් ප්‍රදානය කෙරෙන බව අමාත්‍යංශය කියයි.