(යොහාන් භාසුර)
ඩොලර් ගෙවාගැනීමට නොහැකිව දින 11 ක් ශ්‍රී ලංකා මුහුදු සීමාව නතර කළ තිබූ නෞකාවේ ඩීසල් මෙට්‍රික්ටොන් 37,500 ඩොලර් මිලියන 52 ක් ගෙවා අද (7) පස්වරුවේ නිදහස් කරගත් බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම නෞකාවේ ඩීසල් තොගය හෙට (8) පෙරවරුවේ ගොඩබෑම ආරම්භ කරන බවත් ඉන් පසුව හැකි ඉක්මණින් ඩීසල් පිරවුම්හල් වෙත සැපයීමට කටයුතු කරන බවත් එම නිලධාරියා කීය.
මෙම නෞකාව පසුගිය මාර්තු මස 28 වැනිදා ශ්‍රී ලංකා මුහුදු සීමාවට ළගා වුවද එය නිදහස් කරගැනීමට ඛනිජ සංස්ථාවට ණයවර ලිපි විවෘත කරගැනීමට අවශ්‍ය ඩොලර් නොමැති වීමෙන් මුහුදේ නවතා තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd