
(නිමල කොඩිතුවක්කු)
ඩීසල් මිල පහළ දැමුනද බස් ගාස්තු අඩු කළ නොහැකි බව පෞද්ගලික බස් රථ සංගම් පවසයි.
බස් ගාස්තු පිලිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුව බස් ගාස්තු ඉහළ දැමීමට නම් ඩීසල් මිල සියයට 4කට වැඩි අගයකින් පහළ යායුතු බවත මෙයට පෙර අවස්ථා දෙකකදී ඉන්ධන මිල ඉහළ ගියත් බස් ගාස්තු වැඩි නොකළ හෙයින් මෙවර බස් ගාස්තුව වෙනසක් සිදු නොවන බවත් බස් සංගම් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
7.58% ඩීසල් අඩුවුණා... 4% ට වඩා 7.5% පොඩිද? අඩුවීමේ සහනය මිනිස්සුන්ට ලැබිය යුතුය.
ඔය ඉන්නෙත් තවත් මාෆියා කල්ලියක්. මේක මකවලාම හදන්න ඕන රටක්...
ලංගම බස් වැඩිකරන්න.
කිතුල් ගහට ගිය මිනිහා කිව්වාලු තණකොළ කපන්න ගියා කියලා... ඒ වගේ ඩීසල් නොමිලේ දීලා බලන්න. ඒත් කියාවි අරක නිසා, මේක නිසා බස්ගාස්තු අඩුකරන්න බැහැ කියලා මේවා වෙන්නේ ආණ්ඩුවේ පැත්තෙන් දුරදිග නොබලා අනුමත කරන අණපනත් නිසා තමයි. දැන් බලන්න රජයේ සේවකයින් සඳහා වාර්ෂිකව වැටුප් වර්ධකය දෙනවා වගේ වාර්ෂිකව බස්ගාස්තු වැඩිකරන්න ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා නේද කියලා... එහෙම නැතුව භාණ්ඩමිල ඉහළ පහළ යාම අනුව සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තු තොරතුරු මත බස් ගාස්තුව තීරණය කරන්න ක්‍රමයක් හැදුවා නම් ඔය ප්‍රශ්න වෙන්නේ නැහැ. මෙහෙම වෙන්නත් බස්තියන්ලා බලයේ සිටීමත් හේතුවක් වෙනවා...