(සුජිත් හේවාජුලිගේ)
ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය විකෘතිවී ඉදිරියේදී මෙයටත් වඩා සැර කොරෝනා වයිරස ප්‍රභේදයක් බිහිවීමේ හැකියාව පවතින බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
පවතින තත්වය යටතේ ඉදිරි දෙසතිය අතිශයින්ම තීරණාත්මක බව සඳහන් කළ රාජ්‍ය ඇමතිවරයා කිසිවකු හෝ නිවෙසින් එළියට පැමිණෙන්නේ නම් කොවිඩ් ආසාදනයවීමට තිබෙන ඉඩකඩ වැඩි වන බවද ප්‍රකාශ කළේය.
මේ අවස්ථාවේදී හැකිතාක් සංචරණ සීමා කළ යුතු බව ජයසුමන මහතා වැඩිදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද? නාථ දෙයියොද කිව්වේ?
රස්සාවල් කරන්න එළියට ආවාට කමක් නැද්ද? දන්නේ නැති හින්දා ඇහුවේ?
තත්වය ඔච්චර භයානක නම් වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය දමා තත්වය පාලනය නොකර උඩබලාගෙන ඉන්නේ මොකටද? සර්ට කරන්න බැරිනම් මිනිස්සු මැරෙන්නේ නැතිව ගෙදර යන්න කියලා, දැන් නඩු ටික ගොඩ දමාගත්තනේ...
මෙයා කියන්නේ හරිම පාරම්පරික දේවල්. කොරෝනා බෝම්බයක් වගේලු. අති භයානකයිලු. කියන කියන විදියට රට වහන්නත් බැහැලු. එහෙනම් මිනිස්සු මැරෙද්දී බම්බු ගහගන්න. පිස්සන් කලබල වෙන්නේ නැහැනේ...
මිනිස්සුන්ට ගෙදරින් එළියට යන්න එපා කියලා නොකියා, ගෙවල්වලට වුවමනා දේවල් යවන විදියක් හැදුවොත් නරකද? ගෙවල්වලට වෙලා ඉන්න පුළුවන් විදියට ලොක් ඩවුන් කරලා...
මිනිස්සුන්ව බයකරලා පිටරට තියෙන බෙහෙත් මැෂින් ලංකාවට ගෙන්වන්න ඇමැතිලා මොකටද? අපිට අවශ්‍ය අපේ රටේ ප්‍රශ්න අපේ දේවලින් විසඳන්න පුළුවන් ඇමැතිලා... එදා යුද්ධය ජයගත්තා වගේ...
නිෂ්ක්‍රීය අංශයට බාරදෙන්න...
මිනිස්සු පණ බේරගන්න කැමතියි. හැබැයි, ගෙදරට වෙලා හිටියම, රස්සාව බේරගන්නෙ කොහොමද? බොහොමයක් ආයතන සම්පූර්ණ සේවක පිරිසම සේවයට කැඳවනවා, රට වහල නැති නිසා. රට සාමාන්‍යයි කියල පෙන්නන්න, පාලකයො වලිකනව. එන්නත් ලබාගන්න රජය ඉල්ලනව. බල කිරීමක් නැ. හැබයි, කාඩ් එක නැතුව එලියට යන්නත් බෑලු. කක්ක කලාට කමක් නෑ, චූ දැමීම තහනම් වගේ එකක්. පුද්ගලික සමාගම් බලෙන් එන්නත් කරවනව, රස්සාව ඇපයට තියාගෙන. එන්නත් නොකළොත්, එළියට. මහජනතාව කිටිකිටියෙ හිරවෙලා ඉන්නෙ. පාලකයො දන්නෙ නෑ ආධාර ඕනෙ කාටද නැත්තෙ කාටද කියල. එව්ව දේශපාලනීකරණය වෙලා හින්ද දෙන මොන ලබ්බත් තියෙන එකාටම ලැබෙනව. හරි සැළසුමක් ඇතුව, සතියක් හරි දෙකක් හරි වැහුවනම් මිනිස්සු අමාරුවෙන් හරි ඉවසයි. දැන් තියෙන්නෙ මහ ගොබ්බ සංචරණ සීමා. පළාත් අතරෙ බැයිලු. හැබැයි අධිවේගී මාර්ග ඇරල. අන්තර් පළාත් බස් වැඩ. මිනිස්සුත් යනව. වහලා තියෙනවා ඒ බස්වල දොර.