(සුජිත් හේවාජුලිගේ)
ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය පිට පළාත්වල පැතිර ගොස් ඇති ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීමට ලබන සතියේදී පරීක්ෂණයක් අරඹන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.
ඩෙල්ටා ප්‍රභේදය පිට පළාත් වල පැතිර ඇති ආකාරය ගැන සොයා බැලීමක් කරන ලෙස සෞඛ්‍ය අංශ ප්‍රධානීහු එම අධ්‍යයන අංශයට දැනුම් දුන්හ.
මේ අතර කොළඹ ප්‍රදේශයේ සියයට සියයක්ම පැතිර ඇත්තේ ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය බව පරීක්ෂණවලදී මෙයට පෙර අනාවරණය විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd