IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඩයලොග් අලුත් මාවතකට

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.

එම ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවේ භාරතී එයාර්ටෙල් සමාගමේ සමස්ත කොටස් නිකුතුව ඩයලොග් සමාගම  අත්පත් කරගනු ලැබේ.

ඒ සඳහා, ඩයලොග් සමාගමේ කොටස් ප්‍රමාණයෙන් 10.355% ක ප්‍රමාණයක් භාරතී එයාර්ටෙල් සමාගම වෙත ඡන්ද අයිතිය හිමි සාමාන්‍ය කොටස් හරහා නිකුත් කිරීමට නියමිතය.

මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා ඩයලොග් සමාගමේ කොටස් හිමියන්ගේ අනුමැතිය සහ කොළඹ කොටස් හුවමාරුවේ නිෂ්කාෂණ හා අනෙකුත් නියාමන ක්‍රියාවලීන්ද, කොටස් විකුණුම් ගිවිසුමෙහි සඳහන් නිශ්චිත කොන්දේසිද සපුරාලිය යුතු බව ඩයලොග් සමාගම ප්‍රකාශ කළේය.

දිවයිනේ විදුලි සංදේශ ක්ෂේත්‍රයෙහි උන්නතිය වෙනුවෙන් ඇති ඉදිරි දැක්මට අනුකූලව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, සමාගම් දෙක අතර මෙම යෝජිත ඒකාබද්ධ කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇති බවද ඩයලොග් සමාගම පැවැසුවේය.

සමාගම් දෙක අතර සිදු කෙරෙන මෙම ඒකාබද්ධ කිරීම පිළිබඳව අදහස් දක්වමින් ආසිආටා බර්හාඩ් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ විවේක් සූඩ් මහතා ප්‍රකාශ කර සිටියේ වෙළෙඳපොළේ වත්මන් වෙනස්වීම්වලට අනුගත වෙමින් ඩයලොග් සහ එයාර්ටෙල් ලංකා අතර මෙම ඒකාබද්ධ කිරීම සිදු කෙරෙන බවත් මෙමගින් ඩයලොග් ආසිආටා පීඑල්සී සහ ආසිආටා සමූහයේ කොටස් හිමියන්ට වැඩි ප්‍රතිලාභ ලබාදීමටත් හැකි වෙන බවත්ය.

මෙලෙස මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට එකඟ වීම පිළිබඳව එයාර්ටෙල් ලංකා සමාගමට හා කාර්ය මණ්ඩලයට ඉහළම ගෞරවය පුදකරන බවත් ඉදිරියේදී උපරිම සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙන බවත් විවේක් සූඩ් මහතා එහිදී පැවැසුවේය.

ආසිආටා හි සමූහ විධායක අධ්‍යක්ෂ සහ එහි විදුලි සංදේශ ව්‍යාපාර සම්බන්ධ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හාන්ස් විජයසූරිය මහතාද මෙහිදී අදහස් දැක්වූ අතර ඔහු කියා සිටියේ ප්‍රමුඛ පෙළේ ටෙලිකොම් සමාගම් දෙකක ශක්තීන් ඒකාබද්ධ වීම මගින් ශ්‍රී ලංකාවේ ටෙලිකොම් ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට සහ තිරසාරභාවයට මහත් රුකුලක් වන බවත් මෙමගින් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ට මෙන්ම ව්‍යවසායකයන්ට වඩාත් ඉහළ අත්දැකීමක් සහ නවෝත්පාදනයන් හඳුන්වාදීමට බලාපොරොත්තු වෙන බවත්ය.

 



අදහස් (3)

ඩයලොග් අලුත් මාවතකට

Indika gamage Friday, 19 April 2024 08:53 AM

නමුත් මම දැන් අවුරුදු 8 තිස්සේ කතා කරනවා තාම මට මගේ ගෙදරට සිග්නල් සහ අන්තර්ජාලය නැහැ.

:       0       4

හරිස්චන්ද්‍ර Friday, 19 April 2024 01:52 PM

කොහේද ඔබ අවුරුදු අටක් තිස්සේ ඉන්නේ...?

:       0       2

සුමති s දිසානායක Friday, 19 April 2024 01:55 PM

පුදුම විදියට පාරිභෝගිකයෝ ගසාකන ආයතනයක්. මේ හොරකම් අනාගත රජයකින්වත් හොයන්න ඕනේ...!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 801 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site