
(තිළිණි ද සිල්වා )
ඩුබායි හි පෞද්ගලික සමාගමක අලෙවිකරුවකු " ලෙස සේවය කරන ශ්‍රී ලාංකික තරුණයකු වන මොහොමඩ් මිස්ෆාක් නැමැත්තා. අබුඩාබි බිග් ටිකට් ("Abu Dhabi Big Ticket" ) නැමැති ලොතරැයි දිනුම් ඇදීමේ පළමු දිනුම වූ ඩිරාම් මිලියන 12 ක මුදලක් ජයග්‍රහණය කිරීමට සමත් වී ඇතැයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පළවන ගල්ෆ් ටයිම්ස් පුවත්පත වාර්තා කර සිටී.
ඔහු ජය ලබා ඇති මුදල ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් රුපියල් කෝටි 64ක් පමණ වන බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.
36 හැවිරිදි මිස්ෆාක් ඊයේ කෝටිපතියෙක් බවට පත්වුයේ ඔහු කිසිවිටෙක බලාපොරොත්තු නොවූ ආකාරයට ය.
ඒ ඔහු "Abu Dhabi Big Ticket" ලොතරැයි දිනුම් ඇදීමේ පළමු දිනුම වූ ඩිරාම් මිලියන 12 ක මුදලක් ජයග්‍රහණය කිරීමට හැකි වුවද ඔහු මේවන විට නිවාඩුවක් සඳහා ඔහු ශ්‍රී ලංකාවට පැමිණ සිටී.
ගල්ෆ් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ "මෙය තමන්ට අදහා ගත නොහැකි දෙයක් වූ බවත් තාත්තාගේ ශල්‍යකර්මය කිරීමට මේ මුදල ඉතා වටිනවා." මොහොමඩ් මිස්ෆාක් කියා සිටී.
මෙම ජයග්‍රාහී ටිකට්පත සඳහා 20 දෙනෙකු දායකත්වය ලබා දුන් බවත් ඒ අනුව තමන්ගේ පංගුව ඩිරාම් 600,000 ක් වන බවත් ඔහු මෙහිදී ගල්යගල්ෆ් ටයිම්ස් පුවත්පතට ඇත.
තම පියා හට ශල්‍යකර්මයක් සිදුකළ යුතුව ඇති බැවින් මෙම මුදල් මේ අවස්ථාවේ දී ඉතා වටින බව ඔහු මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම්
ඔන්න 3% ජෙප්පන්ට හොඳ කටගැස්මක්. රාජපක්ෂල ඩුබායි වල හන්ගපු සල්ලි.
ඔබ ඉතාම හොඳ ගුණයහපත් දරුවෙක් ඔබට ජයෙන් ජයම පතමි.!
අපි ඔබට හදවතින්ම සුබ පතනවා. ඔබගේ පියාගේ ශල්යකර්ම්ය ද සාර්ථක වේවා කියා පතමි .
හොඳට දැකලා පුරුදු මුහුණක්. සමහරවිට ඩුබායි වල හිම පදින්න ගිය වෙලාවක දැක්ක වගේ මතකයි?? මට තියන බය ඒ සල්ලි ලංකාවේ ඡන්දෙකට වියදම් කරලා අපරාදේ නාස්ති කර ගනියි කියලයි.
මගේ උණුසුම් සුබ පැතුම්. ඔබගේ පියාගේ ශල්‍යකර්මය ඉතාම සාර්ථකවේවා කියා පතන්නම්.
ඔහු වාසනාවන්තයෙක්, මෙහෙම වෙන්න.
සනත්, ඔයා බයියෙක් කියලා ඔප්පු කරන්න ඔච්චර කැමතිද?
ශ්‍රී ලංකාවට එන්න එපා. සුභ පැතුම් සහෝදරයා.
දිනුම් ඇදීමේදී බොරුවක් කරන්නේ. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් ඔප්පුකර පෙන්වන්නම්.