(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව කඩිනම් ඩිජිටල්කරණයට රැගෙන යෑමේ අරමුණින් "DIGIECON 2030" වැඩසටහන ලබන ඔක්තෝබර් මාසයේදී ආරම්භ කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක මෙම වැඩසටහන රටේ තාක්ෂණික හුවමාරුව, ජාත්‍යන්තර තාක්ෂණික ප්‍රමිතීන් භාවිතයට ගැනීම ඇතුළු අංශ කිහිපයක් මුල්කර ගනිමින් ආරම්භ වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
කෘත්‍රීම බුද්ධි පනත ගෙන ඒම, විශ්වවිද්‍යාලයෙන් පිටවන කලා උපාධිධාරීන් සඳහා ඔවුන්ගේ කැමත්ත මත සය මාසික තොරතුරු තාක්ෂණ පාඨමාලාවක් හඳුන්වාදීම මෙන්ම මෙරට සෑම පුරවැසියකුටම නව ඩිජිටල් හැඳුනුම්පතක් ලබා දීමට ද ඉදිරියේදී කටයුතු කරන බව කනක හේරත් මහතා සඳහන් කළේය.
තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මේ බව සඳහන් කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (13) සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යලි එයි කියලා තියෙන්නෙ. එහෙම එකක් මෙඑට පෙර තිබුනාද. දන්නෙ නැති නිසයි අහන්නෙ.
යළි ගෙනඑන්න, යලි පුබුදන්න, යලි අන්දන්න, යලි රැවටෙන්න.. පාලකයො-රටවැසියො හරි කැමතියි..
රියදුරු බලපත්‍රය ස්මාර්ට් කරගෙන දැන් අපි විඳින දුකක්. ඒක මුද්‍රණය කරන්න කාඩ් පිටරටින් ගෙන්වන්න බැරිව මිනිස්සුන්ට කොළ සල්ලි සාක්කුවේ දමාගෙන යන්න වෙලා. ඔය කියන අලුත් හැඳුනුම්පත 100% ක් ලංකාවේ සුලබව තිබෙන අමුද්‍රව්‍ය යොදලා රජයේ මුද්‍රණාලය තුළ හෝ පුද්ගලයන් හඳුනාගැනීමේ දෙපාර්තමේන්තුව තුළ නිෂ්පාදනය කරගන්න පුළුවන් විදිහට නිකුත් කරන්න. එහෙම හරිනම් දැනට තිබෙන එක පාවිච්චි කරන්න... අපට කිසිම ප්‍රශ්නයක් නෑ.