(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව කඩිනම් ඩිජිටල්කරණයට රැගෙන යෑමේ අරමුණින් "DIGIECON 2030" වැඩසටහන ලබන ඔක්තෝබර් මාසයේදී ආරම්භ කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක මෙම වැඩසටහන රටේ තාක්ෂණික හුවමාරුව, ජාත්‍යන්තර තාක්ෂණික ප්‍රමිතීන් භාවිතයට ගැනීම ඇතුළු අංශ කිහිපයක් මුල්කර ගනිමින් ආරම්භ වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
කෘත්‍රීම බුද්ධි පනත ගෙන ඒම, විශ්වවිද්‍යාලයෙන් පිටවන කලා උපාධිධාරීන් සඳහා ඔවුන්ගේ කැමත්ත මත සය මාසික තොරතුරු තාක්ෂණ පාඨමාලාවක් හඳුන්වාදීම මෙන්ම මෙරට සෑම පුරවැසියකුටම නව ඩිජිටල් හැඳුනුම්පතක් ලබා දීමට ද ඉදිරියේදී කටයුතු කරන බව කනක හේරත් මහතා සඳහන් කළේය.
තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මේ බව සඳහන් කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (13) සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1051
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩිජිටල් හැදුනුම්පත යළිත් එයි
Bunny Preena Friday, 14 July 2023 09:41 AM
යලි එයි කියලා තියෙන්නෙ. එහෙම එකක් මෙඑට පෙර තිබුනාද. දන්නෙ නැති නිසයි අහන්නෙ.
විකුම Friday, 14 July 2023 02:14 PM
යළි ගෙනඑන්න, යලි පුබුදන්න, යලි අන්දන්න, යලි රැවටෙන්න.. පාලකයො-රටවැසියො හරි කැමතියි..
de silva Friday, 14 July 2023 02:18 PM
රියදුරු බලපත්‍රය ස්මාර්ට් කරගෙන දැන් අපි විඳින දුකක්. ඒක මුද්‍රණය කරන්න කාඩ් පිටරටින් ගෙන්වන්න බැරිව මිනිස්සුන්ට කොළ සල්ලි සාක්කුවේ දමාගෙන යන්න වෙලා. ඔය කියන අලුත් හැඳුනුම්පත 100% ක් ලංකාවේ සුලබව තිබෙන අමුද්‍රව්‍ය යොදලා රජයේ මුද්‍රණාලය තුළ හෝ පුද්ගලයන් හඳුනාගැනීමේ දෙපාර්තමේන්තුව තුළ නිෂ්පාදනය කරගන්න පුළුවන් විදිහට නිකුත් කරන්න. එහෙම හරිනම් දැනට තිබෙන එක පාවිච්චි කරන්න... අපට කිසිම ප්‍රශ්නයක් නෑ.