IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඩෙංගු බෝ කළැයි මුවර්ස් ක්‍රිඩා සමාජයට දඩ

(ඉන්දිකා  රාමනායක)

කොළඹ 2 ,  මුත්තයියා පාරේ    පිහිටි මුවර්ස් ක්‍රීඩාපිටියේ ඩෙංගු  මදුරු කීටයන් බෝවීමට ඉඩ හරින ලදැයි මාලිගාකන්ද අධිකරණයේ වරද පිළිගත්  එහි සහකාර කළමනාකරුට  මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය තරයේ අවවාද කර රුපියල් 50,000 ක  දඩයක් නියම කළාය.

මෙලෙස    දඩ මුදල් නියම වුයේ මුවර්ස් ක්‍රීඩා සමාජයේ   සහකාර කළමනාකරු වන එම් නව්රූස් ඉක්බාල් නැමැත්තාටය.

කොළඹ  නගර සභාව, ත්‍රිවිද හමුදාව එක්ව සිදුකළ ඩෙංගු මර්දන මෙහෙයුමේ දී  ක්‍රීඩාපිටියේ තණකොළ ආරක්ෂා කිරීම සදහා  යෙදා තිබු  කාපට් එකක් තුළ  ඩෙංගු මදුරු කීටයන්  බෝවීමට ඉඩහැරීම  සම්බන්ධයෙන්   මාලිගාකන්ද අධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

මුවර්ස් ක්‍රිඩාංගනය   අවට කාර්යාල රැසක්, ප්‍රසිද්ධි විහාරස්ථානයක්  පිහිටා තිබීම හේතුවෙන් එම ප්‍රදේශයේ  මහජනයා වැඩි වශයෙක් ගැවසෙන බවත්, මහජනයා අනතුරේ  හෙළමින්  නොසැලකිලිමත්ව ක්‍රියාකාර මින් ඉදිරියටත් මේ ආකාරයේ  මදුරුවන් බෝවන  ස්ථාන පවත්වාගෙන ගියහොත්  සිරදඩුවම් ලබා දෙන බවට  මහේස්ත්‍රාත්වරිය විත්තිරුට අධිකරණය හමුවේ වැඩි ලෙස අවවාද කරමින් මෙම දඩමුදල  නියම කළ බව අධිකරණයෙන් වාර්තා වේ.

කොම්පඤ්ඤවීදිය මහජන සෞඛ්‍ය පරීක්ෂක නිශාන්ත සෙනවිරත්න මහතා පැමිණිල්ල  මෙහෙයවීය.

 



අදහස් (1)

ඩෙංගු බෝ කළැයි මුවර්ස් ක්‍රිඩා සමාජයට දඩ

Bunny Preena Tuesday, 16 May 2023 09:45 AM

දඩ ගහලා මදි .සිරා දඬුවමකුත් නියම කරන්නයි තිබුනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site