පසුගිය මාස කිහිපයම අධික උෂ්ණත්වයෙන් බැට කෑ අපි මේ වනවිට අඛණ්ඩව වැසි පැවතීම නිසාවෙන් පැතිරී යන රෝගවලින් පීඩා විඳින්නෙමු. වසර පුරාවට ලෙඩුන් වාර්තා වෙන, විශේෂයෙන්ම වැසි කාලයේදී වාර්තා ගත ලෙස රෝගීන් ඉහළ දමන, පුද්ගල මරණ අනුපාතයද වැඩි කරන මාරාන්තික ඩෙංගු රෝගයට මේ දිනවල බොහෝ පිරිසක් ගොදුරුව ඇත.
පසුගිය අප්‍රේල් මාසයේදී පමණක් රෝගීන් 7617ක් සොයාගෙන ඇති අතර මේ මස 01 වැනිදා සිට 03 වැනිදා දක්වා ලෙඩුන් 997 දෙනකු වාර්තා වී ඇත. මේ තත්ත්වය අද වනවිට තවත් වැඩිය.
ඩෙංගු අවදානම් දිස්ත්‍රික්ක ලෙස කොළඹ, ගම්පහ සහ කළුතර හඳුනාගෙන ඇති අතර මේවනවිට ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා ගත ලෙස රෝගීන් ඉහල යාමක් පෙන්නුම් කොට ඇත.
ඩෙංගු උණ රෝගය
ඩෙංගු ,වයිරසයක් මගින් ඇතිවන රෝගී තත්ත්වයක් වන අතර වයිරසයේ ප්‍රභේද 04කි. එය DENV-1, DENV-2, DENV-3 , DENV-4 ලෙස ප්‍රභේද හතරක් ඇති නිසාම එකම පුද්ගලයාට ජීවිත කාලය තුළ එක්වරකට වඩා ඩෙංගු වැළඳීමට පුුළුවන.
රෝගය ආසාදිත පුද්ගලයන්ගෙන් සියයට 25ක් පමණ රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර ඉතිරි දෙනා කිසිඳු රෝග ලක්ෂණයක් නොපෙන්වයි.
ඩෙංගු රෝග ලක්ෂණ
දින 2ත් 7ත් අතර කාලයක් පවතින තද උණ, හිසරදය සහ ඇස් යට වේදනාව ,මස්පිඩු - අස්ථි හා සන්ධි වේදනාව, ඔක්කාරය, වමනය, සමෙහි රතු ලප හට ගැනීම හා රුධිර වහන තත්ත්වය
ඩෙංගු රක්තපාත උණ
මෙය ඩෙංගු රෝගයේ වඩාත් දරුණුම අවදියයි. ආසාදිතයන්ගෙන් සුළුතරයක් පමණ මෙකී තත්ත්වයට ගොදුරු වේ. මූලික අවස්ථාවේදී ඩෙංගු උණ සහ ඩෙංගු රක්තපාත උණෙහි රෝග ලක්ෂණ සමාන වන අතර ඒවා වෙන්කර හඳුනා ගත නොහැකිය. ඩෙංගු රක්තපාත තත්ත්වයේදී සාමාන්‍යයෙන් රෝගයේ තුන්වැනි දිනය හෝ පසු වන විට උණ බැස යාමත් සමඟ රුධිර වාහිනී තුළ ඇති ප්ලාස්මාතරලය ඉන් පිටතට එනම් උරස් කුහරයට හා උදර කුහරයට කාන්දු වීමක් සිදුවේ. මෙම තත්ත්වය පැය 24ත් 48ත් දක්වා කාලයක් පවතී. මෙයාකාරයට අඛණ්ඩව ප්ලාස්මාව කාන්දු වීම නිසා ඇතිවන කම්පනය හේතුවෙන් රෝගියාගේ මරණය පවා සිදු වීමට පුළුවන. එනිසා එවැනි රෝගීන් කල්තියා හඳුනාගෙන වෛද්‍ය ප්‍රතිකාර සඳහා කඩිනමින් රෝහල් ගත කළ යුතුය.
එසේම කාන්දු වන ප්ලාස්මා පරිමාවට අනුරූප වන අයුරින් දියර වර්ග පානය කිරීමට හෝ ශිරා මඟින් නික්ෂේපනය සිදු කිරීම සඳහා පියවර ගත යුතුය. මෙසේ සිදු නොකළහොත් රුධිර පරිමාව අඩුවී කම්පන තත්ත්වයට පත් වීමට පුළුවන.
කම්පනයකදී අක්මාව, මොළය, වකුගඩු සහ හදවත අක්‍රිය වීම හේතුවෙන් පුද්ගලයන් මරණයට පත් වේ.
ඩෙංගු උණ සහ රක්තපාත උණ වෙන්කර හඳුනා ගැනීමට අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණය යොදා ගැනේ. මෙමඟින් උරස් කුහරයට සහ උදර කුහරයට තරල කාන්දුව හඳුනා ගැනේ.
පහත අවදානම් ලක්ෂණ පැවැතීම රක්තපාත තත්ත්වයට ලක්ව ඇති බව අඟවන සාධකය. උදරයේ ඇති වන තද වේදානාව, අධික නිදිමත බව- නොසන්සුන් බව- අප්‍රාණික බව- කරකැවිල්ල හා ක්ලාන්තය,
රුධිර වහනය වීමේ ලක්ෂණ- විදුරුමසෙන් හා නාසයෙන් රුධිරය වහනය වීම, තද දුඹුරු පැහැ වමනය සහ කළු පැහැ මළ පහවීම, මුත්‍ර සමඟ ලේ පිටවීම, කාන්තාවක් නම් අසාමාන්‍ය ලෙස යෝනි මාර්ගයෙන් ලේ පිටවීම සිදු විය හැකිය.
පැය 6කට වඩා වැඩි කාලයක් මුත්‍ර පහ නොවීම හෝ පිටවන මුත්‍ර ප්‍රමාණය අඩුවී යාම.
දෙවැනි වරට ඩෙංගු වැළඳීමේදී රක්තපාත තත්ත්වයට පත් වීමේ ප්‍රවනතාව වැඩිය. එබැවින් රෝගය කල්තියා හඳුනා ගැනීමත්, අවශ්‍ය ප්‍රතිකාර සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට නොපමාව යොමු වීමත්, රෝගය සුව වන තුරු රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන නිරන්තර අවධානයෙන් පසු වීමත් වැදගත්ය.
වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බව අඟවන රෝග ලක්ෂණ
ඉහත සඳහන් කළ රෝග ලක්ෂණ ඇත්නම් එය ඩෙංගු බවට සැක කළ හැකිය. අවම වශයෙන් උණ සෑදී දෙවැනි දිනයේදිවත් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු විය යුතුය. එහිදී වෛද්‍යවරයා විසින් අවශ්‍ය නිර්දේශ හා ප්‍රතිකාර ලබා දෙනු ඇත. කල්තියා රෝගය හඳුනා ගැනීම පුද්ගල ජීවිතාරක්ෂාව පමණක් නොව රෝගය පැතිරීම සීමා කිරීමටද උපකාරී වේ.
ඒවගේම අවුරුද්දට වඩා අඩු දරුවන්, වයෝවෘද්ධ පුද්ගලයන් සහ වෙනත් රෝගවල සංකූලතා ඇති අය උණ ගැනුණු පළමු දිනයේදීම වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වීම අත්‍යවශ්‍යය.
ඩෙංගු , කල්තියා හඳුනා ගැනීම
ඩෙංගු රෝගය මූලික අවස්ථාවේදී සාමාන්‍ය වයිරස් උණක් හා සමාන වේ. වෛද්‍යවරයා විසින් සායනිකව හෝ රුධිර පරීක්ෂණයක් මගින් ඩෙංගු බවට තහවුරු කරනු ඇත. ඩෙංගු NS1 ප්‍රතිදේහ පරීක්ෂණය මගින් උණ සෑදී පළමු දින කිහිපයේදී ඩෙංගු රෝගය හඳුනා ගත හැකිය. මෙහිදී NS1 පරීක්ෂණයේ ධන ප්‍රතිඵලයක් ලැබීම ඩෙංගු බවට තහවුරුවකි. එහෙත් සෘන ප්‍රතිඵලයක් ලද පමණින් ඩෙංගු නොවේයැයි සහතික වශයෙන් කිව නොහැකි අතර තවදුරටත් ඩෙංගු යැයි සැක කොට වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලද යුතුය.
සම්පූර්ණ රුධිර පරීක්ෂණයක් කිරීමේ වැදගත්කම
මෙමගින් ඩෙංගු සමඟ රුධිර සෛලවල සංයුතියේ සිදුවන වෙනස්කම් හඳුනා ගත හැකිය. උදාහරණයක් ලෙස රුධිර පට්ටිකා ප්‍රමාණයේ අඩු වැඩි වීම, සුදු රුධිරාණුවල අඩු වැඩි වීම, රුධිරයේ සමස්ත සෛල ප්‍රතිශතය ආදිය .
මෙම සෛල සංයුතියේ වෙනස්කම් හඳුනා ගැනීම තුළ ඩෙංගු රෝගය විනිශ්චය කිරීමටත්, රෝගය ගමන් කරන දිශාව හඳුනා ගැනීමටත් වෛද්‍යවරුන්ට පහසු වේ.
රෝගීන්ට පොදු උපදෙස් මාලාවක්
ප්‍රමාණවත් ලෙස විවේක ගන්න. ක්‍රීඩා කිරීම හෝ දැඩිව ශාරීරික වෙහෙස ඇති කරන ක්‍රියාකාරකම්වලින් වැළැකීම, රෝගියා දරුවකු නම් පාසල් ,පෙර පාසල්, අමතර පන්තිවලට සහභාගී නොකිරීම, උණ ඇත්නම් සෑම පැය 6කට වරක් පැරසිටමෝල් නියමිත මාත්‍රාවෙන් ලබා දීම, තදින් උණ පවතී නම් ශරීර උෂ්ණත්වය අඩු කිරීම සඳහා පිරිසුදු රෙදි කඩක් මඳ උණුසුම් ජලයෙන් පොඟවා ශරීරය තැවීම, සැහැල්ලු ආහාර ලබා දීම, වෛද්‍ය උපදෙස් අනුව දිනකට නියමිත දියර ප්‍රමාණය සමාන කාල පරාස තුළ ලබා දිය යුතුය. ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට දියර ලැබෙන බව නිසි පරිදි මුත්‍ර පහ වීම මඟින් තහවුරු කර ගැනේ.
දියර වශයෙන් ජලයට අමතරව ජීවනී, පලතුරු යුෂ, හාල් කැඳ සහ තැඹිලි වැනි පාන ලබා දිය හැකිය.
නොගත යුතු දෑ
උණ පාලනය කිරීම සඳහා වෙනත් වේදනා නාශක භාවිත නොකරන්න.
NSAIDS කාණ්ඩයට අයත් ඇස්ප්‍රින්, ඩයික්ලොෆෙනැක් සෝඩියම්, මෙෆනමික් ඇසිඩ්, ඉබියුප්‍රොෆෙන් යනාදිය මුඛයෙන් හෝ සපොසිටරි ලෙස ලබා දීම කිසිඳු විටෙක සිදු නොකරන්න. මෙම ඖෂධ ගැනීමෙන් සිරුර තුළ රුධිර වහනය උත්සන්න වීම සිදු විය හැකිය. ස්ටීරොයිඩ වර්ගයට අයත් ප්‍රෙඩ්නිසලෝන්, ඩෙක්සාමෙතසෝන් වැනි ඖෂධ ගැනීමෙන් වැළකිය යුතුය. රතු හෝ දුඹුරු පාට ආහාර හෝ දියර වර්ග එනම් තේ කහට,කෝපි, තද පැහැ සිසිල් බීම, බීට්රූට්, දම් පැහැ මිදි ආදිය ගැනීමද සුදුසු නොවේ.
ඩෙංගු බෝ වන අයුරු
ඩෙංගු වයිරසය වාහක මදුරුවකු මඟින් ඩෙංගු ආසාදිත අයකුගෙන් නිරෝගී අයකුට පැතිරේ. ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිස් ඇල්බොපික්ටස් යන ප්‍රධාන මදුරු විශේෂ දෙක අප රටේ දක්නට ලැබේ. මෙකී විශේෂ අතුරින් ඊඩිස් ඊජිප්ටයි නාගරික ප්‍රදේශවල බහුලව දක්නට ලැබෙන අතර ඊඩිස් ඇල්බොපික්ටස් ග්‍රාමීය ප්‍රදේශවල සුලබ ව දක්නට ලැබේ.
ඩෙංගු ගැහැනු මදුරුවා බිත්තර මේරීම සඳහා මිනිස් රුධිරය උරා බොයි. එහිදී ඩෙංගු රෝගියකුට දෂ්ට කිරීමේදී වයිරසය ගැහැනු මදුරුවාගේ කේට ග්‍රන්ථි හරහා ශරීර ගතවේ. මෙසේ ඩෙගු ආසාදනය වූ ගැහැනු මදුරුවකුට දින 35ත් 40ත් වන සිය ජීවිත කාලයේදීම නිරෝගී පුද්ගලයන් ආසාදනය කළ හැකිය. පැහැදිලි ජලය රැඳි ගලා නොයන ස්ථානවල ඩෙංගු මදුරුවා බිත්තර දමයි. උදෑසන 06ත් 10.00දක්වා සහ සවස 03.00 පසුවී ඇඳිරි වැටෙන තෙක් කාලය මෙකී මදුරුවන් සක්‍රීයව ලේ උරා බීම සිදු කෙරේ.
ඩෙංගු පැතිරීම වැළැක්වීමට කළ හැකි දෑ
මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන ඉවත් කිරීම., මදුරුවා සක්‍රියව ලේ උරා බොන කාලය තුළ සුදුසු මදුරු විකර්ශකයක් භාවිත කිරීම, අත පය ආවරණය වන පරිදි සැහැල්ලු දිගු ඇඳුම් ඇඳීම. මෙතුළින් මදුරු දෂ්ටනය අවම වේ.
ඩෙංගු මර්දනයට ඇති නවීන ක්‍රම
මේ වනවිට අපේ රටේ වොල්බැකියා සහ වන්ද්‍යකෘති නම් මදුරු ව්‍යාපෘති ක්‍රියාත්මක වේ.
-සටහන- මාධවී ධර්මරත්න
2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල
තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ඔත්තුකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
සබරගමු විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවක වදය ලබාදීම සම්බන්ධයෙන්සමනල වැව පොලිසිය වෙත ලද පැමිණිල්ලට අදාළව වැඩ බලන පොලිස්පතිවරයාගේ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඩෙංගු ගැන හැඳින ගමු: පැතිරීම වළකමු
sujeewa peiris Monday, 22 May 2023 09:11 AM
හොඳ ලිපියක්, පැහැදිලිව විස්තර කරල තියනව.