
(උපාලි ආනන්ද)
බිරිඳ ඇතුළු සැකකරුවන් අට දෙනකුට අනුරාධපුර ශ්‍රාවස්තිපුර තිඹිරිකඩවල ප්‍රදේශයේ ගල්තලාවක් මත පිහිටි දේවාලයක් ඇතුළත නිදන් වස්තු ලබා ගැනීමේ අරමුණින් අනවසරයෙන් කැනීම් කිරීමට ආධාර අනුබලදීමේ චෝදනාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත් ලියනගේ සැප්තැම්බර් 01 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි අනුරාධපුර ප්‍රධාන මහේත්‍රාත් නාලක සංජීව ජයසූරි මහතා අද නියෝග කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් සැප්තැම්බර් (01) දින අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම සැකකාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ඔහුගේ බිරිඳ ඇතුළු සියලු සැකකරුවන් සැප්තැම්බර් 01 දින යළි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාර අධිකාරී ප්‍රසාද් ප්‍රේමතිලක මහතාට තවදුරටත් නියෝග කරනු ලැබීය.
අනුරාධපුර ශ්‍රාවස්ත්‍රිපුර තිඹිරිකඩවල ප්‍රදේශයේ ගල්තලාවක් මත පිහිටි දේවාලයක් ඇතුළත නිදන් වස්තු ලබා ගැනීමේ අරමුණින් අනවසරයෙන් කැනීම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අනුරාධපුර මූලස්ථාන පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගත් මෙම සැකකාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ ඇතුළු සැකකරුවන් අට දෙනාද දනට රක්ෂිත බන්ධනාගාර ගත කරසිටිති.
2025 නොවැම්බර් මස 04
114
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2037
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඩී.අයි.ජී.උදිත රිමාන්ඩ්
ජිල්බු Monday, 25 August 2025 08:37 PM
රස්සාවක් නොකර ප්‍රකෝටිපතියෝ වෙච්ච පුතානෝල, දුවානෝල ඉන්න රටක ඒ අඩිපාරේ යන අය තමයි මේ.