(චාන්දනී දිසානායක)

පෙරහරකට රැගෙන ගිය අලියකු මැල්සිරිපුර ඕමාරගොල්ලේදී අද (28) දින ටිපර් රථයක ගැටී තුවාල වීම නිසා එම ස්ථානයේම තබාගෙන ප්‍රතිකාර කිරීමට පශු වෛද්‍යයවරු කණ්ඩායමක් කටයුතු කරමින් සිටිති.

හදිසි රිය අනතුරකට මුහුණ දී ඇත්තේ , වරකාගොඩ අලියා නමින් හැදින් වූ අලියා ය .

අනතුර සිදුවී ඇත්තේ කුරුණෑගල මැල්සිරිපුර ප්‍රදේශයේදී වන අතර ටිපර් රථ රියදුරුකු  අනාරක්ෂිත ලෙස ධාවනයේ කළ ටිපර් රථයක වැදී මෙම අලියා අනතුරට ලක් වී ඇති බවට පොලීසිය කියයි .

මේ වන විට අලියාට අවශ්‍ය ප්‍රතිකාර ප්‍රතිකාර කටයුතු පශු වෛද්‍යයවරුන්ගේ මූලිකත්වය යටතේ සිදුවෙමින් පවතින අතර , පරීක්ෂණ කටයුතු මැල්සිරිපුර පොලිසිය විසින් සිදු කරනු ලබයි .