(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ධනංජය ද සිල්වා පත්කළ බව ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ සභාපති උපුල් තරංග මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය.
එක්දින පිලේ නායක කුසල් මෙන්ඩිස් ටෙස්ට් කණ්ඩායමේ උප නායකත්වයට පත්කළ බවත් ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගයේදී එම දෙපළ නායකයා සහ උප නායකයා ලෙස කටයුතු කරන බවත් උපුල් තරංග සඳහන් කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද (3) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී උපුල් තරංග එසේ පැවසීය.
එම මාධ්‍ය හමුවට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් වන ඩිල්රුවන් පෙරේරා, ඉන්දික ද සේරම්, අජනත් මෙන්ඩිස් සහ තරංග පතරණවිතාන යන මහත්වරු ද සහභාගි වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකම විදිහේ වෙනසක් නෑ...