(අංජුල මහික වීරරත්න)
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති ප්‍රයෝජනයට නොගත් සියලුම ඉඩම් බෝග වගා කටයුතු සඳහා යොදා ගන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර අර්බුදයට පිළියමක් ලෙස මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව පැවැසූ අමාත්‍යවරයා කිසිඳු ආයතනයක් සතුව හිස් ඉඩමක් නොතිබිය යුතු බවද සඳහන් කළේය.
ආයෝජන සදහා ලබා දී ඇති ඉඩම් මෙතෙක් භාවිතා කර නොමැති නම් එම ඉඩම් වහාම ආපසු පවරා ගන්නා ලෙසත්, අලුත් අයෝජකයන්ට ඒවා ලබා දීමට කටයුතු කරන ලෙසත් ඇමතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය. ආයෝජන සදහා ඉඩම් ලබා දිමේදී දේශීය හා ජාත්‍යන්තර වශයෙන් දැන්වීම් ප්‍රචාරය කිරීමට කටයුතු කරන බවද ඇමතිවරයා කීවේය.
රටේ ආර්ථික තත්ත්වය යහපත් වනතුරු මේ වනවිට සැලැසුම් කර ඇති නව ව්‍යාපෘති තාවකාලිකව අත්හිටුවන ලෙස උපදෙස් දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඉදිරි අයවැය ඉදිරිපත් වනතුරු අත්‍යාවශ්‍ය දේවල් සදහා පමණක් අමාත්‍යාංශ ප්‍රතිපාදන වැය කරන ලෙසටද උපදෙස් දුන්නේය.
ඉකුත්දා පාර්ලිමේන්තුව අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද සඳහන් කළේ නාගරිකව තිබෙන සෑම හිස් ඉඩමක ම වගා කටයුතු කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් මෙයා පාලු ඉඩම්වලට ආදරෙයි කියලා රටම දන්නවා.
හොර ඔප්පු හදලා ඒවත් මේ යෝධයා අල්ලා ගනීද දන්නේ නෑ?
වවන එක හොඳ වැඩක්... හැබැයි ඒ මාර්ගයෙන් අනුන්ගේ ඉඩම් අල්ලන්න මාන බලයි. මේ අයට අනුන්ගේ වටිනා ඉඩම් පේන්න බැහැ. අනේ මන්දා මෙයාලා ගොඩගහගෙන අවුරුදු දහස් ගණනක් ජීවත් වෙන්න ඇවිල්ලද?
ප්‍රශ්නය වුණේ වගාවට අවශ්‍ය පොහොර නැතිකම මිසක්, ඉඩම් පාවිච්චි නොකිරීම නෙමෙයි. මෙයා මේ නාගරික ඉඩම් අල්ලන්න, මොකක්දෝ ගෝනි සෙල්ලමක් දානවා වගේ මටනම් පේන්නේ...
කොහොමද ටිකිරි මොලේ? නෑදෑයන්ට, යාළුවන්ට... ගිනි ගත්තු ගෙදර වටිනාකමට වැඩිය ඉඩම් ටික ලියවෙයි නේද?
දැන් අපේ ගොබ්බයින් ටික අහයි පොහොර නැතුව වවන්නේ කොහොමද කියලා..?
අනේ මගේ කට.. ඔයාම තමයි යෝගා... මේ පට්ට ඇමැතියන් අපේ රටේ සමස්ත ගොවි ප්‍රජාවම මලගම යවලා ඉවරයි. මේ අයට හෙණ හතම ගහන්න ඕනෑ. මේ රනිල්ගේ කයිවාරු කතානේ...!
එහෙමනම් එදා වගේ කප්පම් නොදී ඉඩම් ගොඩකරලා ගොවිතැන් කළ හැකියි වගේ...
ලෝකයේ පළමුවන සම්පූර්ණ කාබනික රට කරන්න වලිකාපු මීහරක් දැන් වගා සංග්‍රාමයට බැහැලා. පොහොර වෙනුවට අසූචි පාවිච්චිය කරන්නද කියන්නේ...? ඉස්සර වෙලාම අවශ්‍ය පොහොර කෘෂි රසායන ද්‍රව්‍ය බීජ ලබාදීමට පියවර ගන්න. ගොවීන් වගාව කරනවා. මම අවුරුදු තුනක් පොල් වගාවට පොහොර නැතිව ඉන්න ගොවියෙක්. කුකුල් පොහොර දැම්මා. ප්‍රතිඵලය අවමයි. ගෙඩි අඩුයි, පොඩියි. මේ අපරාධය වහාම නිවැරදි කළ යුතුයි...!
මංකොල්ලකාපු ඉඩම්වල වැවුවා නම් හරිනේ...!
ඕක තමයි මටත් ඕනෑවෙලා තිබුණේ. ඔබලා දැන්වත් අවශ්‍යම දේ පහුවෙලා හරි කරන එක ලොකු දෙයක්...!
මෙහෙම කියලා බලපත්‍රලාභී ඉඩම් ටික දේශපාලන හෙන්චයියන් මංකොල්ල කාවි...!