ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් අද (20) දිවුරුම් දෙයි.
සාමාන්‍යයෙන් ඇමෙරිකන් ජනාධිපතිවරයා දිවුරුම් දෙන්නේ වොෂින්ටන් අගනුවර කැපිටල් ගොඩනැගිල්ල ඉදිරිපිට එළිමහනේ වුවත්, මේ වනවිට වොෂින්ටන් අගනුවරට බලපා ඇති දැඩි ශීත කාලගුණය හේතුවෙන්, දිවුරුම් දීමේ උත්සවය කැපිටල් ගොඩනැගිල්ලේ රොටුන්ඩා ශාලාවේ දී පැවැත්යීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.
දැඩි ශීත කාලගුණය හේතුවෙන්, තම දිවුරුම්දීමට සහභාගී වන සියලු දෙනාගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින්, දිවුරුම්දීම ගෘහස්ථව සිදු කරන බව ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ නිවේදනය කර ඇත.
මීට පෙර ඇමෙරිකන් ජනාධිපතිවරයකුගේ දිවුරුම් දීමේ උළෙලක් ගෘහස්ථව පැවැත්වූයේ 1985 වසරේදීය. එදා ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ රොනල්ඩ් රේගන්ය. එම දිවුරුම් දීම ද ගෘහස්ථව සිදු වූයේ අයහපත් ශීත කාලගුණය නිසාය.
පසුගිය නොවැම්බරයේ පැවැති ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමි කරගත් ට්‍රම්ප්, දිවුරුම් දෙන්නේ බයිබලය මත අත තබමිනි. ඒ, අගවිනිසුරුවරයා ඉදිරියේය.
ට්‍රම්ප් බිරිඳ මෙලානියා පමණක් නොව, ට්‍රම්ප්ලේ දරු දැරියෝ ද මෙම අවස්ථාවට සහභාගී වෙති.
ට්‍රම්ප් ජනාධිපති ලෙස දිවුරුම් දෙද්දී, ට්‍රම්ප් සිය දෙවැනියා ලෙස තෝරාගත් උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් එම ධුරයේ දිවුරුම් දෙනු ඇත. ජේ.ඩී. වැන්ස්ගේ බිරිඳ ද එම අවස්ථාවට සහභාගී වෙයි.
දිවුරුම් දීමේ උළෙලට ට්‍රම්ප් සහ මෙලානියා කැඳවාගෙන ඒම සිදු කරනු ලබන්නේ, ධුරයෙන් සමුගන්නා ජනාධිපති ජෝ බයිඩන් සහ බිරිඳ ජිල් බයිඩන් විසිනි.
ට්‍රම්ප් මීට පෙර, ඇමෙරිකා ජනාධිපති ලෙස දිවුරුම් දී රාජකාරි කළේ 2017 සිට 2021 දක්වා කාලයේය. 2020 ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් පරාජය වූයේ ජෝ බයිඩන්ටය. ට්‍රම්ප්, පසුගිය 2024 නොවැම්බර් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ තවත් ධුර කාලයක් ඉතිරිව ඇති බැවිනි.
අද (20) දින පැවැත්වෙන දිවුරුම්දීමේ උළෙලට, ධුරයෙන් සමුගන්නා උප ජනාධිපතිනී කමලා හැරිස් සහ සැමියා ද සහභාගී වනු ඇත. පසුගිය නොවැම්බරයේ ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා වූයේ හැරිස්ය.
ඊට අමතරව හිටපු ජනාධිපතිවරුන් සහ බිරියන් ද දිවුරුම් දීමේ උළෙලට සහභාගී වනු ඇතැයි පැවැසෙයි. හිටපු ජනාධිපති බැරැක් ඔබාමා උළෙලට සහභාගී වුවත්, බිරිඳ මිෂෙල් ඔබාමා ඊට සහභාගී නොවනු ඇතැයි කල් තියා නිවේදනය කර තිබේ.
විදෙස් රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් ද දිවුරුම් දීමේ උළෙලට සහභාගී වනු ඇතැයි ද පැවැසෙයි. චීන ජනාධිපති ෂී ජින්පින් වෙනුවට චීන උප ජනාධිපති හැන් ෂෙන්ග්, ආජන්ටිනා ජනාධිපති හවියේ මිලෙයි, බ්‍රසීලයේ හිටපු ජනාධිපති යාර් බොල්සරානෝ, ඉතාලි අගමැතිනී ජෝර්ජියා මෙලෝනි, ඉන්දීය විදේශ ඇමති එස්. ජයිශංකර් එම පිරිස අතර සිටිති.
නොවැම්බරයේ පැවැති ජනාධිපතිවරණයේ දී ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට ශක්තියක් වූ ලොව අංක එකේ බිලියනපති ඉලොන් මස්ක් ප්‍රමුඛ ඇමෙරිකන් ව්‍යාපාරික ප්‍රබලයන් ද දිවුරුම් දීමේ උළෙලට සහභාගී වීමට ද නියමිතය. මාර්ක් සකර්බර්ග්, ජෙෆ් බෙසෝස් පමණක් නොව ටික්ටොක් සමාගමේ ප්‍රධානී ෂෝව් සී චිව් ද ඒ අතරේ සිටිති.
මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවකට අනුව, ඇමෙරිකාවේ තුළ ටික්ටොක් තහනම් කර තිබේ. ඒ, චීනයේ නිර්මාණය කළ ටික්ටොක් යෙදවුම හරහා චීනය ඇමෙරිකාවේ තොරතුරුවලට පිවිසෙන බවටත්, එය ඇමෙරිකාවට තර්ජනයක් බවටත් ඇමෙරිකානු රජයේ ජාතික ආරක්ෂක බලධාරීන් කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුවය.
(ඒ.එෆ්.පී.)
ගල්කිස්ස හුළුදාගොඩ පාළු ඉඩමකදි තියුණු ආයුධ වලින් පහරදී පුළුස්සා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 4ක් සඳහා වැඩබලන අමාත්‍යවරුන් පත් කර තිබේ.
දකුණු පළාතේ රාත්‍රී සාද සඳහා මත්ද්‍රව්‍ය සැපයීමේ යෙදුණු ජාත්‍යන්තර පාසලක ගුරුවරයෙක් රුපියල් ලක්ෂ 2 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩං
ජාතික ජන බලවේගයෙ මැයි දින රැළියට පැමිණ නැවත යන ගමනේදී දක්ෂිණ අධිවේගී මාර්ගය අයිනේ බස් රථ නවතාගෙන සිටි රියැදුරන්ටත් ඊට සයෝගය දුන් කණ්ඩායම් වලටත් ඒ සිදු
ජපාන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් නකටානි මහතා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අරලියගහ මන්දිරයේදී අද (4) හමුවිය.
රට පුරා කෙරුණු වැඩවර්ජන වලින් පසුගිය වසර දහයක කාලයේදී රුපියල් කෝටි 300කට වැඩි පාඩුවක් සිදුව ඇතැයි අලුත්ම සංඛ්‍යා ලේඛනවලින් පෙනී යන බව පේරාදෙණිය විශ්වව
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ට්‍රම්ප්ගේ දිවුරුම් දීම අද
fairoos Monday, 20 January 2025 11:03 AM
අපේ හිටං සිරිසේන වගේමයි. නියම විහිලු කාරයෙක්