IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනාගේ අවධානය යොමු වී අවසන්ය.

පසුගිය නොවැම්බර් 5 වැනිදා ජනාධිපතිවරණයෙන් තේරී පත් වුණු ජනාධිපති ලෙස ට්‍රම්ප්, පසුගිය දා වොෂින්ටන් අගනුවර ධවල මන්දිරයේ දී වත්මත් ජනාධිපති ජෝ බයිඩන් හමුවී සාකච්ඡා කළේය. ඒ, සාමකාමි අයුරින් බලහුවමාරු කර ගැනීම සඳහාය.

ට්‍රම්ප්, බයිඩන් හමුවීමට ධවල මන්දිරයට පැමිණියේ ඔහුගේ ප්‍රධාන උපදේශකවරුන් වන ජේසන් මිලර්, ඊලොන් මස්ක්, ස්ටීපන් මිලර්, බොරිස් රප්ෂිට්යාන් සහ ඩැන් ස්කාවීනෝ ද පිරිවරාගෙනය. එම තලත්තෑනි දැවැන්තයන් අතරේ සිටි එකම යුවතිය වූයේ 32 හැවිරිදි නටලි හාප් ය.

ට්‍රම්ප් පසුගිය කාලයේ නඩු කීපයකට මුහුණ දුන්නේය. තමන් අතීතයේ ඇසුරක් පැවැත්වූ අසැබි නිළියක නිහඬ කිරීමට ට්‍රම්ප් මුදල් දුන් බවට චෝදනා එල්ල වූ අතර, ඒ සම්බන්ධයෙන් නඩු විභාගයක් නිව්යෝක් මැන්හැටන් අධිකරණයක් හමුවේ පැවැත්විණි. එහිදී ට්‍රම්ප් අසල ගැවසෙමින් ඔහුට අවශ්‍ය සාහය දැක්වීම කළේ ද නටලි හාප්ය.

මාධ්‍යවල පළ වන ට්‍රම්ප්ට වැදගත් වන පුවත් ට්‍රම්ප්ට දැනුම් දෙන්නේත්, ට්‍රම්ප්ගේ සමාජ මාධ්‍ය ගිණුම් යවත්කාලීන කරන්නේත්, ට්‍රම්ප්ට අවශ්‍ය හදිසි ලියවිලි කඩිනමින් මුද්‍රණය කරන්නේත් නටලි යැයි පැවැසෙයි. ඇය ට්‍රම්ප් සමඟ ගමන් බිමන් කරන්නේ ලැප් ටොප් පරිගණකය සහ කුඩා ප්‍රින්ටර් යන්ත්‍රක් ද අතැතිවය.

නටලි හාප්, කැලිෆෝනියාවේ උපත ලබා ඇත. ඇය සහ ඇගේ පවුලේ සාමාජිකයන් දැඩි ක්‍රිස්තියානු භක්තිකයන්ය. 2015 දී නටලි හාප්, වර්ජීනියාවේ ලින්ච්බර්ග් ලිබර්ටි ක්‍රිස්තියානි විද්‍යාලයෙන්, උපාධිය සම්පූර්ණ කළාය. ඇය අස්ථි පිළිකා රෝගියකු බව හඳුනාගත්තේ මෙම වසරේදීය. ඇය කීමෝ ප්‍රතිකාරවලට යොමු වුණු නමුත් එම ප්‍රතිකාර සාර්ථක නොවිණි.

ට්‍රම්ප් ඇමෙරිකන් ජනාධිපති ලෙස පළමු ධුර කාලය සම්පූර්ණ කළේ 2016 වසරේ සිට 2020 දක්වා කාලයේය. 2018 දී ට්‍රම්ප් ‘රයිට් ටු ට්‍රයි’ (උත්සාහ කර බලන්න අවස්ථාවක් දෙන්න) යනුවෙන් නව නීතියක් හඳුන්වා දුන්නේය. එම නව නීතිය යටතේ ඇමෙරිකන් ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය නොලැබුණු පර්යේෂණ ඖෂධ ප්‍රතිකාර ලෙස ලබා ගැනීමට රෝගීන්ට අවස්ථාවක් හිමිවෙයි.

ඒ අනුව, 2018 දී, පර්යේෂණ ඖෂධ රැසකින් පිළිකාව පරාජය කිරීමට නටලි, සමත්වූවාය. 2022 වසරේ දී ඇය ට්‍රම්ප්ගේ කණ්ඩායම සමඟ එක්වුණු අතර, පසුව ඇය ට්‍රම්ප්ගේ සහායිකාව වූයේ ඉන් අනතුරුවය. තමන්ගේ දිවි බේරා දුන්නේ ට්‍රම්ප් බවත් තමන් ට්‍රම්ප්ට ණය ගැති බවත් නටලි පවසා ඇත. ‘දැන් මා තවදුරටත් පිළිකාවෙන් මැරෙන්නේ නැහැ. දැන් මා පිළිකාව සමඟ ජීවත් වෙනවා’ යැයි ඇමෙරිකන් රූපවාහිනී නාළිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් නටලි පැහැදිලි කර ඇත.



අදහස් (0)

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 795 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 464 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site