
ටිබෙට් නේපාල දේශසීමාවේ, ටිබෙටයට අයත් චීන පාලනය යටතේ පවතින පළාතක් ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි.
භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 7.1 ක් ලෙසය. භූමි කම්පාවෙන් 126 දෙනකු මියගිය බවත් නිවාස සහ ගොඩනැගිලි 3,000 කට හානි සිදුවුණු බවත් විදෙස් මාධ්‍ය පවසයි.
භූමි කම්පාවෙන් තුවාල ලැබූ ගණන 188 ක් බවත්, ඔවුන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල බවත් පැවැසෙයි. ඒ අනුව, මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි යැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. භූමි කම්පාව හටගත්තේ චීනයේ වේලාවෙන් ඊයේ (7) රාත්‍රී 9 ට පමණය.
භූමි කම්පාවෙන් බිමට සමතලා වුණු සුන්බුන් අතරේ සිරවුණු පිරිස් සොයා මෙහෙයුම් ඊයේ (7) රාත්‍රියේම ආරම්භ විය. භූමි කම්පාවේ ප්‍රබලත්වය අසල්වැසි රටවල් වන ඉන්දියාව සහ නේපාලයට ද දැනුණු බව පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1472
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1318
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ටිබෙට් භූමි කම්පාවෙන් මියගිය ගණන දැන් 126 ක්