
( සිතුම් චතුරංග)
වවුනියාව, පුදුකුලම ප්‍රදේශයේදී ටිපර් රථයක් යතුරු පැදියක ගැටී සිදුවු රිය අනතුරකින් වයස අවුරුදු නවයක දරුවෙක් මියගොස් ඇතැයි ඊච්චන්කුලම පොලීසිය කියයි.
මියගිය දරුවාගේ පියා සහ සහෝදරියක්ද තුවාල ලබා රෝහල් ගතකොට ඇතැයි පොලීසිය පැවසීය.
ඊච්චන්කුලම පදිංචි වි.ඩිනෝජන් නැමති පුදුකුලම මහා විද්‍යාලයේ හතර වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවකු මෙලෙස මිය ගොස් තිබේ.
සිය පියා සමඟ යතුරු පැදියෙන් දරුවන් දෙදෙනා ගමන් කරමින් සිටියදී ඉදිරියෙන් ගමන්ගත් ටිපර් රථයක් පසුකරයෑමට උත්සහ කිරීමේදී ටිපර් රථයේ ගැටී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd