(ජයන්ත සමරකෝන්)
සිරදඬුවමින් නිදහස් වූ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කිසිදු දේශපාලන බලවේගයක් සමඟ එක් නොවීමට තරයේ තීරණය කර ඇතැයි එම සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමියෝ පැවසූහ.
ඥානසාර හිමියන් අනිද්දා (26) මහනුවරට ගොස් දළදා සමිඳුන් වැඳ පුදාගැනීමට නියමිතය.
ඉන් අනතුරුව උන්වහන්සේ මල්වතු - අස්ගිරි මහානායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද හා අනුශාසනා ලබාගන්නා බව එම සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමියෝ පැවසූහ.
මෙහිදී ඥානසාර හිමියන් දේශහිතෛශී නව වැඩපිළවෙළක් පිළිබඳව මහා නායක හිමිවරුන් දැනුම්වත් කිරීමට නියමිත බවද, උන්වහන්සේ දේශපාලන බලවේග හා සම්බන්ධ නොවීමට තීරණය කර ඇතැයිද නන්ද හිමියෝ සඳහන් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනං මීලඟ ජනාධිපති අපේක්ෂකයා වෙයි වගේ.
කව්ද කියන්නේ නිදහස් වුනා කියා එහෙම වෙන්න නම් පැමිණිලි පාර්ශවයෙන් නිදහස් කිරීමට විරුද්දත්වයක් නොමැති බව ප්‍රකාශ විය යුතුයි ..19 වන සංශෝදනයට අනුව ජනපතිට ඕන ඕන සෙල්ලම් දැන් දමන්න බැහැ. ඒ කාලේ ගියා ...
සිංහල ජනතාව නගාසිටුවීමේ වැඩසටහනක් ගමේ පන්සල මුල් කරගෙන පටන් ගන්න අපේ හාමුදුරුවනේ. අපට අසුරියන් සැතපෙන/හිටි පිළිම දැන් හොදටම ඇති. ජාතිය වදවෙන එක නවත්වා ජාතිය පෝෂණය කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඔබවහන්සේ නායකත්වය ගනී කියා අතිමහත් සිංහල ජනතාව බලාගෙන ඉන්නවා. අනික් ජාතින් දිහා බලා උහුල්ලා වැඩක් නැත. ඉහතින් පෙන්වා දුන්න කරුණ තමයි කාලීන ජාතික අවශ්‍යතාව. මෙයයි මුලින්ම අප කල යුත්තේ අනුන්ට ගල් නොගසා. කම්මැලි සිංහලයව අවදි කල මැන මේ ජාතික වියසනයෙන් නැගී සිටින්න . නැතිනම් අපට රටක් නැත ඉතුරුවන්නේ පොතට පමණක් සීමා වෙච්ච ඉතිහාසයක් පමණි.
ලොස් ඇන්ජලීස් වලට වෙලා කහින් නැතුව ඉන්නවද
හරියට හරි , කිසිම දේශපාලන බලවේගයකට සම්බන්ද නොවී ,සිංහල ජාතියේ නායකයෙක් හැටියට පෙනී සිටින්න. විනිවිදභාවයෙන් පෙනෙන , අන්තවාදී ,පාට පක්ෂ වලට තිත තැබියයුතු කාලය එළබි ඇත. අපට කියා ජාතියක් අවශ්‍යයි, අපට කියා ආගමක් අවශ්‍යයි . තරස්තවාදීන්ට රැකවල් දෙන බලාලෝබි, පක්ෂක්ග්රාහී එවුන් පලවාහැරිය යුතුයි. අපගේ දරුවන්ට ඉදිරියක් අවශ්‍යයි. සැමට ජිවත්වියයුතු වාතාවරණයක් තිබිය යුතුයි. දැනට මේ සිටින දේශපාලුවන්ට මෙය කලනොහැක. ඔහුන් මුදලට යටවී බලයේ සිටීමට මාන බලන පිරිසකි. මේ අයුරින් කටයුතු සිදුවුවහොත් ,ඉදිරියේදී අපට රටක් නොමැත.
හීරා, නැගී හිටින්න ඕනේ සිංහලයෝ විතරද? දෙමල, මුස්ලිම් වැටිලද ඉන්න ඕන.
සුජීව දෙමල මුස්ලිම් අය නැගිට්ට හැටි අපි දැක්ක මේ ටිකේ , අපිට යන්න වෙන රටක් නැහැ , සිංහලයින් සමග සමගි සමාදානයෙන් ඉන්න බැරිනම් වෙන මොකක්ද කරන්නේ අපි මුහුදට පනින්නද කියන්නේ.? දෙමල, මුස්ලිම් වැටිලද ඉන්න කිවේ නැහැ සමගියෙන් එකමුතුව ඉන්නයි කියන්නේ.
අපේ හාමුදුරුවනේ අපි අසරණ වෙලා , අපට කව්රුවත් නැහැ , ඔබ වහන්සේ හරි ජාතිය පුබුදුවන්න, ටිබට් ජාතික එස් මහින්ද හිමිපාණෝ වගේ.
මියන්මාරයේ අශ්වින් විරතු හිමියන් මෙන් බෞද්ධ බලවේගයකට සූදානම් වෙමු. එවිට දේශපාලකයන් ඔබ වසන්සේ පසුපස ඒවි
මෙතැන කමෙන්ට් කරලා තියෙන කිසි කෙනෙකුට පෙනුනේ නැද්ද? උන් වහන්සේ එළියට ඇවිත් ඉන්නේ... උන්වන්සේගේ අත පය හතර බැඳලා මුකවාඩම් දාල කියලා... හරිම දුකයි, මේක තමයි ලංකාවේ ප්රජාතන්ත්රවාදී දේශපාලනය..
ඔව් කා එක්කවත් සම්බන්ධ වෙන්න එපා... දන්න දේ කිව්ව නිසානේ මෙහෙම වුණේ...දැන් දැනගත්තත් ඔබ වහන්සේ පරිස්සම් වෙන්න. දැනගත්තත් නොදන්නවා වගේ ඉන්න.
අලුත්ගම පාර්ට් 2 එකට තමයි එළියට දැම්මේ... ජනාධිපතිවරණේ ලඟයිනේ. මේ සැරේ සෙල්ලමක් වෙන්නේ නැහැ හැබැයි ඕවා...
සුජීවගේ නම මොහොමඩ් ආරච්චිලාගේ සුජීව නේද? මම අදහස් කලේ නිදාසිටින සිංහලයව අවදිකර එහි නායකත්වය ගන්න කියලා. එහි නොම්බර එක වියයුත්තේ සිංහල ළමා ජන ඝනත්වය වැඩි කිරීමයි. මෙය කළයුත්තේ නිහඬව මිසක් සද්දේ ගැන නොවෙයි. තොප්පි නියාය අනුගමනය කළයුතුයි.
ඔව් ඔව් එ්ක හොඳයි.. මොකද එතකොට අපේ ආරක්ෂක අංශවලට නියම ත්‍රස්තයින් සොයා මෙහෙයුම් කරන්න පුළුවන්... නැතිනම් මේගොල්ලෝ පාරවල්වලයි. අන්‍ය ආගමිකයන්ට හිරිහැර කරනකොට ප්රචණ්ඩව ඩෙගා නටනකොට ඒවටත් යන්න ඕනෑනේ... මෙයා එදා හයිය අරගෙන කරපුවා නිසා තව තවත් ත්රස්තවාදීන්ට අනියමින් උදව් කළා.
මේවගේ දේවල් වෙන්නේ ලංකාවේ විතරයි.
අපි නම් විශ්වාසය තබන්නේ පුරුදු පුහුණු වී ඉන්න ආරක්ෂක අංශ කෙරෙහි පමණි. එකඑකාගේ කොන්ත්‍රාත් පිරිමහන සිව්රු දාගත්ත එකඑක මැර සංවිධාන කෙරෙහි විශ්වාස තබන්න එපා...