බොදුබල සේනා මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් රුපියල් 50,000ක මුදල් සහ ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇප මත මුදාහැරීමට අභියාචනාධිකරණය අද නියෝග කළේය.
මුස්ලිම් ප්රජාවගේ ආගමික විශ්වාසයන්ට අපහාස කරමින් ද්වේෂ සහගත ප්රකාශයක් සිදුකිරීමට වරදකරු වීම නිසා මාර්තු 28 වැනිදා අත්තේ ඥාණසාර හිමියන්ට කොළඹ මහාධිකරණය විසින් වසර හතරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කරන ලදී.
කොළඹ මහාධිකරණය මීට පෙර ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්රතික්ෂේප කර තිබුණි.
ඥානසාර හිමියන් වෙනුවෙන් නීතිඥ ඉරේෂ් සෙනෙවිරත්න, සංජය ආරියදාස, සංජය මාරඹේ සමඟ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා යන මහත්වරු පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd