(මනෝප්‍රිය ගුණසේකර, ළහිරු හර්ෂණ සහ රෝෂන් තුෂාර)

රජයට පාඩුවක් කරමින් දූෂණය නම් වරද සිදු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇප මත මුදා හරින්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියම කළේය.

මහනුවර පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහලට රුපියල් ලක්ෂ 74 ක පුටු සැපයීමේදී නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකිරීමෙන් රජයට පාඩුවක්කර දූෂණය නම් වරද සිදු කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර අමාත්‍ය වරයා අද පෙරවරුවේ අත්අඩංගුවට ගත්තේය.

අධිකරණය,  සැකකරුට විදෙස් තහනමක් ද පැනවීය.