IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ජැෆ්නා කිංග්ස් ලකුණු 21 කින් කලම්බු ස්ට්‍රයිකර්ස් පරාජය කරයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලිය - 2023 ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (30) රාත්‍රී පැවැති තරගයේදී ජැෆ්නා කිංග්ස් පිල ලකුණු 21 කින් කලම්බු ස්ට්‍රයිකර්ස් පිල පරාජය කිරීමට සමත් විය.

ලකුණු 174 ක ජයග්‍රාහි ඉලක්කය හඹාගිය කලම්බු ස්ට්‍රයිකර්ස් පිල ඕවර 19.4 කදී ලකුණු 152 කට සීමා කිරීමට ජැෆ්නා පන්දු යවන්නෝ සමත් වූහ.

කලම්බු ස්ට්‍රයිකර්ස් පිලේ නායක නිරෝෂන් දික්වැල්ල පන්දු 34 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 58 ක් රැස්කරමින් ප්‍රබල තත්වයකට රැගෙන ආවද සෙසු පිතිකරුවන් අසාර්ථක වීමෙන් පරාජය වැළඳගැනීමට සිදුවිය.

පළමුව පන්දුව පහර දුන් ජැෆ්නා පිල වෙනුවෙන් බංග්ලාදේශ පිතිකරු ටොව්හිඩ් රිඩෝයි වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 39 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 54 ක් රැස්කිරීමට සමත් විය.

ටොව්හිඩ් රිඩෝයි සහ දුනිත් වෙල්ලාලගේ (නොදැවී 25) පස්වැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 50 ක සම්බන්ධතාවත් සමඟ ජැෆ්නා පිලට ලකුණු 173 ක් රැස්කිරීමට අවස්ථාව උදාවිය. ජැෆ්නා කිංග්ස් පිල ඕවර 20 කදී කඩුලු 5 ට 173 (නිෂාන් මධුෂ්ක 12, රහමනුල්ලා ගුර්බාෂ් 21, චරිත් අසලංක 12, ටොව්හිඩ් රිඩෝයි 54, ප්‍රියමාල් පෙරේරා 22, දුනිත් වෙල්ලාලගේ නොදැවී 25, තිසර පෙරේරා නොදැවී 14, නසීම් ෂා 30/1, මතීෂ පතිරණ 32/1, චාමික කරුණාරත්න 36/1, ලක්‍ෂාන් සඳකැන් 34/1) කලම්බු ස්ට්‍රයිකර්ස් පිල ඕවර 19.4 කදී සියලු දෙනා දැවී 152 (නිරෝෂන් දික්වැල්ල 58, නුවනිඳු ප්‍රනාන්දු 17, චාමික කරුණාරත්න 23, රමේෂ් මෙන්ඩිස් 17, හර්ඩස් විල්ජෝන් 31/3, ඩිල්ෂාන් මධුසංඛ 18/2, තිසර පෙරේරා 29/1, විජයඛාන්ත් වියස්ඛාන්ත් 17/2)

 



අදහස් (1)

ජැෆ්නා කිංග්ස් ලකුණු 21 කින් කලම්බු ස්ට්‍රයිකර්ස් පරාජය කරයි

Talagala Monday, 31 July 2023 07:50 AM

මැච් එකක් නොවේ... ඉරි කොටු බැලුවා බැරි දේ වෝකර් SBC අබරෝ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 436 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site