(සුජිත් හේවාජුලිගේ )
රටපුරා පසුගිය දිනවල ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා හෙට සදුදා උදේ හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය .
එම ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ලවෙමින් පවතින හෙයින් පොලිස්පතිවරයා හමුවී එය නිරවුල් කරගැනීමට අදහස් කරන බවද හෙතෙම සඳහන් කළේය.
ජවිපෙ නායකයා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීද පසුගියදා කරුණු පැහැදිලි කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස්පති හමුවෙලා මොනවා කරන්නද? බලශක්ති ඇමැති ජෙප්පෝ ජෙප්පන්ගේ පරණ නම, ත්‍රස්තයින් බව නැවත පෙරේදා ජනතාවට මතක්කර දුන්නා. ජනතාව ජෙප්පන්, ත්‍රස්තයින් බවත් රටේ සිදුවුණු අපරාධවලට ජෙප්පන් වගකිව යුතු බවට තීරණය කර ඉවරයි. ඊළඟ සැරේ ජෙප්පන්ට 3% වත් ලැබෙන්නේ නැත...!
ඔයාලා මොනතරම් සුදනෝ වෙන්න හැදුවත් මේ රට මේ තැනට පත්වෙන්න ඔවුන් වගේම ඔයාලා වගකියන්න ඕනේ. විශ්ව විද්‍යාල දරුවන් අවුරුදු ගණන් පාරේ දක්කලා ඔවුන්ගේ අනාගතේ කාලා. කර්මාන්තශාලාවල යුනියන් හදලා ඒවා වට්ටලා, ගුරුවරු අවුරුදු 2ක් ගෙදර කියලා, තමන්ගේ අණට කීකරු වුනේ නැති අහිංසක මිනිස්සු සියදහස් ගණනක් මරලා, රජයේ දේපළ කෝටි ගණන් ගිනි තියලා (88/89). නායකයින්ගේ ළමයි ටික පිටරට ඉගෙන ගන්න යවලා, ප්‍රායෝගික නැති ෆැන්ටෂි කෙබර ගාලා, හැම දේකම නෙගටිව් තින්කින් විතරක් මිනිස්සුන්ගේ ඔලුවලට දාලා, ලංකාවේ ඉන්න කුහකම සාමාජිකයින් ඉන්න 3% ඔයාලා. මතක තියාගන්න මේ රටේ මිනිස්සු මෝඩයෝ නෙමේ. ඔයාලගේ බයිලා 2000න් පස්සේ ජෙනරේෂන් එකට කියන්න. හිතේ ගිල්ටි නැතම් මොකටද පොලිස්පති හම්බ වෙන්න යන්නේ..?. බලපෑම් කිරීමටද?
කතා කරන්න දෙයක් නෑ. ඒ දේවල් කළේ සාමාන්‍ය අහිංසක ජනතාව වෙන්න බෑනේ. ගිනි තියලා හොඳ පළපුරුද්දක් තියෙන්න එපැයි ඒ තරම් විනාශයක් කරන්න...
කැලේ මාරු වුණාට පුල්ලි මාරු වෙලා නෑ කියලා හොඳට මතක තියාගන්න... පොලිස්පතිතුමා..!
නුඹලා විතරක් නෙමෙයි, පුංචි අම්මාවත් ඵක්ක යන්න. 71 ඉඳලාම රට විනාශ කරපු අය දැන් සුදනන් වෙන්න දඟලනවා...
පොලිස්පතිතුමාට වැඩේ ලේසිවෙන පාටයි... හෙට ඔය ගිනිතියන හමුදාවේ නායකයින් ආවාම අත්අඩංගුවට ගන්න එක විතරයි කරන්න තියෙන්නේ...
පොහොට්ටු කාරයෝ මන්තරේ ජප කරලා වගේ කියල කියල ජෙප්පෝ විසින් කරන ලද්දක් කියල ජනගත කරනවා. මේ සම්බන්ධව වගකිවයුතු අයගෙන් - (පොලිස්පති ගෙන්) පොලිසියේ ස්ථාවරය පැහැදිලි කිරීම ඉතා හොඳයි.
බමුණුආරච්චිලා වැනි දේශපාලනගැති අඳ බාලයින් තාමත් පොහොට්ටු මැරයින් වන්දනා කරාට, මොලය හා සංවේදී හදවතක් ඇති කිසිවෙකු හෝ පොහොට්ටු මැරයින් කණ්ඩායම සිදුකළ ඒ ප්‍රහාරය අනුමත කරන්නේ නැත. එය එසේ වුවත්, කුපිත වූ පොදු මහ ජනතාව දඩමීමා කරගෙන ජනතා විමුක්ති පෙරමුණේ මැරයින් සිදුකළ ගෙවල් ගිනිතැබීම් හා අනෙකුත් කඩාකප්පල් කාරී ක්‍රියාද කිසිසේත් අනුමත කළ නොහැකියි. මංකොල්ල කෑම්ද එසේමයි. මේ දේවල් ආරම්භ කළ මහින්ද ඇතුළු පොහොට්ටු මැරයින්ද, පසුව ජනතාවට වහන්වී,ගෙවල් ගිනි තැබීම් මංකොල්ල කෑම් හා අනෙකුත් කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකළ ජේවීපී මැරයින්ද අත් අඩංගුවට ගෙන අධිකරණයට ගෙන සැමට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.
ජවිපෙ 1994 සිට පාර්ලිමේන්තුව නියෝජනය කරනවා...! හැම දෙයටම විරුද්ධව පාරට විශ්වවිද්‍යාල සිසුන් ගෙනැල්ලා රටේ අනාගතය පාරට දියකරනවා! ජවිපෙ අඩුම තරමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහාවත් වැඩ පිළිවෙලක් නැහැ! අනුර කුමාර වැනි ජනතාව දැනුවත් කිරිමට කිසිම ප්‍රායෝගික වැඩපිළිවෙලක් නැති යාවත්කාලීන නොවූ නායකත්වයකට රටක් දියුණු කළ නොහැකියි සහෝදරයා...! කරුණාකරලා යූ ටියුබ් බලන්න.. තාක්ෂණය රටක සංවර්ධනයට කොතරම් වැදගත්කමක් තියෙනවද කියලා..! JVP යනු වැඩබැරි කටින් දේශපාලන පක්ෂයක්!
අපි අහිංසකයි. අපේ එවුන් ගිනි තියන්න තියා ගිනිකූරුවලටත් බයයි. මට හනුමන්තා කාඩ් එක ගහලා. ඒකට නඩුවක් දාන්න. දෙගොල්ලොම එකයි.
මුලින් ප්‍රචණ්ඩත්වය වපුරනු ලැබූවන් නිදහස් කරනු පිණිස..., බොහෝ පිරිසක් ප්‍රතිචාර දමා ඇත..
රජයේ දේපල ගිනිතැබිම්, මංකොල්ල කෑම්, මිනීමැරීම් සම්බන්ධව ඇති අයට නීතිය ක්‍රියාත්මක විය යුතුය. මොවුන් කෙරෙහි ඇති මහජනයාගේ අවිශ්වාසය පහවී නොමැත.
බත් බැලයින්ට මැදමූලන දන්කුඩ රස තවම දැනෙනවා වගෙයි.
සීතල ගේම් කාරයින්. 1988/89 කාලෙත් සාමාන්‍ය ජනයාගේ දේපළ කොල්ල කවා. ගිනි තිබ්බා. ඊළඟ ඡන්දයෙන් ඔබට ලැබෙන්නේ 0.03% ක ප්‍රමාණයක් පමණයි.
කවදාවත් වෙනස් නොවන කඩාකප්පල් හමුදාව...