(අංජුල මහික වීරරත්න)
ලංකාවේ කොරෝනා මරණ තිස් දහසක් සිදුවිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය අනතුරු හඟවා තිබෙන පසුබිමක පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයින් සහ අගමැති, කතානායක ප්‍රමුඛ සෞඛ්‍ය ඇමතිවරුන් වහාම කැඳවා ව්‍යසනයෙන් මිදීමේ මඟක් සාකච්ඡා කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
නිසි සීමා පැනවුවහොත් මරණ ගණන දොළොස් දහස දක්වා අඩු කර ගත හැකි බව කී හිටපු අග්‍රාමාත්‍යවරයා ජීවිත දහ අට දහසක් බේරාගැනීම වෙනුවෙන් රජය වහාම තීන්දු තීරණ ගත යුතු බවද සඳහන් කළේය.
වීඩියෝ තාක්ෂණය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයේ ස්වාධීන විශේෂඥයන්ගේ කණ්ඩායමේ පස්වන රැස්වීමේදී මෙම සංඛ්‍යා දත්ත හෙළිදරව් කර තිබෙන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
75 පැනලත් මේ මනුස්සයාට ලංකාවේ විශේෂඥයින් විශ්වාස නැහැනේ. සුද්දගේ පස්සේ ගිහින් තමයි පුරුද්ද... ඔය මගුල නිසානේ රෙදි අකුල ගෙන ගෙදර යන්න වුණෙත්...
පක්ෂ නායකයෝ එකතුවෙලා මොන කෙහෙල්මලක් තීරණය කරන්නද කියන්නේ? එකතු වෙන්න ඕනේ දොස්තරවරු මිසක් දේශපාලකයෝ නෙවෙයි.
අනේ මේ... දැන්වත් අඩුම ගානේ මේ වගේ අවස්ථාවක වත් දේශපාලන වාසි ගන්නේ නැතිව ඉන්නවද? රජය රටේ හැම දෙනාම ගැන හිතලා කරන්න පුළුවන් උපරිමය කරනවා.
කොරෝනා මේ වනවිට වෙනත් ආකාරයකින් පැතිර යාමේ අවදානම තිබෙන්නා වූ නිසා සූම් තාක්ෂණය පක්ෂ නායකයන් ඇතුළු සියලු අත්‍යාවශ්‍ය කණඩායම් සකච්ඡා කිරීම වැදගත් වේ. එවිට ලංකාවේ WHO කණඩායමක් පවා සහභාගි කරවා ගැනීමට හැකියාව පවතී. ඒ මගින් ඍජුව ප්‍රශ්න ඇසීමට සහ පිළිතුරු ලබාගැනීමට හැකියාව පවතී. ලංකාවේ WHO කණ්ඩායමක සහභාගිත්වය සහ ඔවුන්ගේ උපදෙස් රටේ නායකයින් හට තීන්දු ගැනීමට සහ සහභාගි වන්නා වූ වෛද්‍ය කණ්ඩායමටද සහයෝගයක් වනු ඇත..
මෝඩයින් වගේ කියවන්නේ නැතුව මේ මනුස්සයා කට කැඩෙනකන් කියන දේ තේරුම් ගන්තා නම් එක ජීවිතයක් හරි බේරගන්න පුළුවන් වෙයි.
කොහොමටත් මෙයාට එකතු වෙලා සාකච්ඡා කරන්න මතක් වෙන්නේ පැරදිලා ඉද්දී තමයි. දිනපුවාම ලංකාවේ අය මතකවත් නෑ. එකපාරක් ධවල මන්දිරය පිටිපස්සේ කාඩ්බෝඩ් බුෂ්ගේ පින්තූරෙට කරට අතදාලා පින්තූර අරන් ලංකාවේ පත්තරවලත් දැම්මා. ජෝජ් බුෂ් යාලුවෙක් කියලා පෙන්නන්න.
කසුන් ලංකාවෙද ඉන්නෙ. මිනිස්සු හැමතැනම මැරෙනවා. රජය හැමදෙයක්ම කරනවලු. ඔයාල වගේ මෝඩයෝ නිසා තමයි අද රටට මේ වින්නැහිය වෙලා තියෙන්නෙ.
කොරෝනා ඉවර කරන්න ආන්ඩුවට පුළුවන්.. පොඩ්ඩක් ඉන්න. ඔය සංවිධාන එදා යුද්ධය ඉවරකරන්න බෑ කිව්වනේ. ඔය සංවිධාන එදත් කළේ අද කරන ටිකම තමයි.
අර රජය කරන්න පුලුවන් උපරිමයෙන් කරනවා කියන කෙනාට කියන්න තියෙන්නේ... ඔව්, දැන් කරපුවා වැඩිවෙලා රටේ අයට බඩ යනවා කියලා තමයි. ඔය කරලා තියෙන්නේ... නුඹලා වගේ අයට කන්න නැතුව තමයි මැරෙන්න වෙන්නේ...
කල් ගිහිල්ලා හරි මොලේ පැදීම ලොකු දෙයක්
කල් ගිහිල්ලා හරි තේරුම්ගන්න කොහේද මොලයක් තියෙන්නේ? මොලේ තියෙන්නේ නම් මහ දවල් දෙන ගේම්වලට තමයි.
ධනවත් රටවලුත් ඔය එකතුවෙලා රිම් එකෙන් යන්නේ...