
(ප්‍රසන්න පද්මසිරි)
ලුණුගල- බදුල්ල මාර්ගයේ බස් රථ අනතුරට හේතුව මීට මාස 6කට පෙර එම මාර්ගයට කඩා වැටුණු කළු ගලක් බව ප්‍රදේශවාසීහු කියති.
එක් මංතිරුවක් වසාගෙන තිබු එම කළු ගල පසුකර ඉදිරියට ආ ලොරි රථයකට ඉඩ දීමට යාමේ දි මෙම අනතර සිදුවන අයුරු ඒ අසල තිබූ ආරක්ෂක කැමරාකව සටහන් වී ඇත.
මෙම අනතුර ගමන්ගත් මගීන් 15 දෙනකු මියගිය අතර කාන්තවන් හය දෙනකු ද ඒ අතර සිටින බව පොලිසිය කියයි
තුවාල ලැබූ 34 දෙනෙක් පස්සර රෝහලට සහ බදුල්ල රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.
ඉදිරියෙන් පැමිණෙන ලොරි රථයට ඉඩදීමට යාමේදි එකවර බසට අඩි 350ක් පමණ ප්‍රපාතයට පෙරළි ගොස් ඇතැයි පොලිසිය කියයි.
අනතුර සිදුවන අවස්ථාවේ මගීහු 50කට අධික පිරිසක් ගමන් කරමින් සිට ඇත. අනතුරින් බස් රථය සුන්බුන් ගොඩක් බවට පත්ව ඇති අතර එම සුන්බුන් ගොඩට යටවී සිටි තුවාලකරුවන් ඉන් ඉවත් කර ගැනීමට බූම් රථයක සහය ගැනීමට පොලිසියට සිදුවිය.
ප්‍රපාතයට පෙරළුණු බසේ සිටි තුවාලකරුවන් ගොඩට ගැනීම සඳහා පැය තුනක ආසන්න කාලයක් ගත විය.
මීට මාස හයකට පෙර පැවැති වර්ෂාවත් සමග කළු ගලක් පාරට වැටී ඇති අතර එම නිසා මාර්ගය එක් මංතීරුවක් වැසි ගොස් ඇත.
තුවාලකරුවන් ගොඩ ගනිද්දි එකවරම විශාල ගලක් පෙරළීම නිසා එක් අයකුට තුවා ලබා ඇත. මෙම කළු ගල ඉවත් කරන ලෙස අදාල ආයතනවලට දැනුම් දුන්නත් වගකිවයුතු ආයතන සිය වගකීම ඉටු නොකිරීම මෙම අනතුරට මූලික අනතුර බව ද ප්‍රදේශවාසීහු කියති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
RDA එකේ නිලධාරීන් මෙයට වගකිව යුතුයි.
මාස 6ක් ගිහිල්ලත් කලු ගලක් අයින් කරන්න බැරි අසාර්ථක රාජ්‍යයක්.
රජයේ ආයතනවලින් වැඩක් නැහැ. මාස 06කට පෙර පාරට වැටුණු කළුගල ඉවත් නොකරපු රජයේ ආයතනයේ ලොක්කන්ව චූදිතයන් කොට නීතිය ක්‍රියාත්මක කළ යුතුමයි.
69 ලක්ෂයක් ලබාදුන්න ඡන්ද දායකයන්ගේ ආඩම්බර බලාපොරොත්තු ඉටුවීමක්...
මොනතරම් මෝඩයිද? කලුගල වැටුණු බව ඇත්ත. හැබැයි ඔය පාරේ යන බස් රියදුරාගේ නොසැලකිල්ල තමයි ඕකට හේතුව. වීඩියෝ එක හොඳට බලන්න. ගල තියෙද්දී ඔය පාරේ ඔය බසයම කී පාරක් ගිහින් ඇද්ද?
ගල ඉවත් කිරීමට පියවර නොගැනීමට වඩා අනතුරු ඇඟවීම සඳහා පුවරු සවි නොකළ විධායක ඉංජිනේරුට නඩු පැවැරීමට කටයුතු කළ යුතුයි.
රටේ ප්‍රශ්න එමට තියෙද්දී අර නූගත් 2019ක් ඇමරිකන් නායකයා ගම සමග පිළිසඳරක් කරමින් යනවා. හැම කෙනාම දේශපාලනය පමණක් කරනවා. ජනතාව ගැන බලන්න කිසි පාලකයෙක් නෑ. සජිත්, අනුර වුනත් ඊටම ගැලපෙනවා.
මේ රටේ පින්පඩි කාරයෝ නිසා තමයි මේ තරම්ම විනාශවෙලා තියෙන්නේ. අදාළ නිලධාරීන් ගෙදර යැව්වා නම් ඉවරයි. ඔය ආයතන තියෙන්නේ කැලෙන්ඩරේ දිනේටයි, ඔරලෝසුවේ කටු කැරකෙනවටයි පඩිගන්න විතරයිද? ආණ්ඩුවට බැන්නට ආණ්ඩුවක් කොහොමද ගස්, ගල් ඉවත් කරන එකේ ඉඳලා බලන්නේ.
අර කොලඹ නගරයේ පොස්ටර් ගලවපු පොලීසියේ නිලධාරියාවත් දැකලා නැද්ද?එදා මොනවදෝ කියවගෙන ගියේ