
(රංජිත් රාජපක්ෂ)
සිංහරාජ ලෝක උරුම වනාන්තරයට සහ හොර්ටන්තැන්න ජාතික උද්‍යානයට ඇතුල්වි මෙරටට ආවේනික ජෛව සම්පත් රැස් කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් රුසියානු සරසවි සිසුන් දෙදෙනාට රුපියල් කෝටි 11 1/2ක දඩයක් ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් දිලුම් ප්‍රනාන්දු මහතා අද (15) නියම කලේය.
මෙරටට ආවේනික දුම්බර අං කටුස්සන්, පලා කටුස්සන්, ඇහැටුල්ලන්, කණාමැදිරියන්, ගොළුබෙල්ලන්, සිංහරාජ වනාන්තරයට ආවේනික රක්වාන ගෙම්බන් ඇතුළු ජෛව සම්පත් 230 ක් රැස් කිරීම සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමෙන්තුව එක් විත්තිකරුවකුට චෝදනා 1067 බැගින් ගොනු කළ චෝදනා 2134කට වරද පිළිගත් රුසියානු සිසුන් දෙදෙනාට එලෙස දඩ නියම කළ මහෙස්ත්‍රාත්වරයා සම්පුර්ණ දඩ මුදල් ගෙවනතුරු විත්තිකාර රුසියානුවන් දෙදෙනාගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය බාරයට ගත්තේය.
චෝදනාවන්ට වරද පිළිගැනීම නිසා මෙලෙස දඩ නියම වුයේ රුසියාවේ මොස්කව් නුවර පදිංචි සැවෙලි ඇලෙක්සැන්ඩ්‍රොවිච් (18) සහ නිකොලයි ඊල්යිච් (21) නමැත්තන්ටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගනා තීන්දුවකි! මීට මාස දෙකකට පමණ පෙර ඉතාලි ජාතිකයන් දෙදෙනෙකුට එරෙහිවත් මෙවැනි වරදකට ඉහළ දඩ මුදලක් ගෙවීමට නියම කර තිබුණු අතර, එය විදෙස් ජන මාධ්‍යවල ද පළ කර තිබුණි. මෙවැනි හොරුන් මෙරටට පැමිණීම වැළැක්වීමට අපගේ විදේශ තානාපති කාර්යාලව ද සහාය ලබාගත යුතුයි...
දඩ පමණක් නියම කරලා මදි... පාඩමක් ඉගෙන ගන්නත් එක්ක වසර 10ක් පමණ හිරේ දමන්න... අපේ ලංකාවේ මිනිහෙක් රුසියාවේ ගිහින් මේ වැඩේ කරා නම් අනිවාර්යයෙන් හිරේ දමනවා.